Local

නියඟයෙන් වූ වගා හානිවලට රු.කෝටි 100ක්

Saturday, 20 January 2024 - 10:14 am

2023 යල කන්නයේ නියඟයෙන් සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමට රජයට වැය වන මුදල රුපියල් කෝටි 100ක්. මාස දෙකක් තුළ ඉන් රුපියල් කෝටි 56ක් ගෙවා අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2023 යල කන්නයේ දී මෙරටට බලපෑ දැඩි නියඟයෙන් වී වගාවට සිදුවූ හානිය නිසා වලව කළාපය, කුරුණෑගල හා දකුණු පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවක අක්කර 65,000ක් හානියට පත්විය.

මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වගා හානි සිදු වී මාස දෙකක් තුළ ‌ ලබා දීම අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියඟයෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි වන්දි ලබා දීම ඊයේ (19) වාරියපොල නාගරික ප්‍රජා ශාලාවේ දී සිදු විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ වී වගා බිම් ප්‍රමාණය අක්කර 65,000කි. සිදුව ඇති හානි තක්සේරු කිරීම් අනුව ගොවීන් 64,000ක් සදහා ගෙවීමට තක්සේරු කර ඇති මුදල රුපියල් මිලියන 1000 කි.මේ වනවිට එම සමස්ත මුදලින් රුපියල් මිලියන 562ක් ගෙවා අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කරයි.

ඊයේ (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි සිදු වූ ගොවීන් සදහා වන්දි පිරිනැමීම සිදු වූ අතර ඊයේ දිනය තුළ බෙදා දෙන ලද වන්දි මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 25කි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම වන්දි මුදල් ලබා දීම 2018 වසරේ තමන් කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටිය දී බෝගවර්ග හයක් සඳහා කිසිදු රක්ෂණ වාරිකයක් ගොවීන්ගෙන් අය කර ගැනීමකින් තොරව සකස් කළ වන්දි ව්‍යාපෘතියක ප්‍රතිපලයක් බව ද කීය.

මෙමගින් වගා හානි සිදුවන අක්කරයකට රුපියල් 40,000 බැගින් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් නොමිලයේ ලබා දීම ආරම්භ කළ බව ද අමාත්‍යවරයා කීය.

නමුත් සියලු ගොවීන් කන්නයකට මුදලක් ගෙවා රක්ෂණ දායකත්වය ලබා ගන්නේ නම් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ලබා ගැනීමට හැකියාව ඇති බව ද සදහන් කළේය. ඒ සඳහා ගොවි මහතෙකුට අක්කරයක් සඳහා එක් කන්නයකට ගෙවීමට සිදුවන්නේ රුපියල් 6400ක් පමණි.

ඉදිරි දේශගුණ විපර්යාස නිසා වගාවන්ට හානි සිදුවිය හැකි අවස්ථාවන් වැඩි වී තිබේ. මේ නිසා වගාවන් සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම මෙවර මහ කන්නයේ ගංවතුර නිසා විශාල හානියක් වී වගාවට සිදු වී ඇත. එම වගා හානි තක්සේරු කිරීම ද වහාම අරඹන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT