Local

දහම් සිරිසේන සහ රාජිකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයට

Thursday, 03 October 2024 - 8:36 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියව මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇත.

මේ අතර චලිදු කුමාරසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක ලෙසත්, තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර තිබේ.

සංජීව සුරවීර මහතා මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT