Local

අගමැති ඇතුළු කැබිනට්ටුවට නොතීසි

Tuesday, 30 July 2024 - 9:41 am

ගුවන්තොටේ විද්‍යුත් වීසා ක්‍රමයට එරෙහි පෙත්සම් 2දා කැඳවයි

ගුවන්තොටුපළ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට අගෝස්තු 02 දා කැඳවන ලෙස දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නොතීසි යවන ලෙස ද නියෝග කළේය.

මෙම සිද්ධියට සෘජුව සම්බන්ධ අමාත්‍යවරුන්ට පෞද්ගලිකව නොතීසි භාරදෙන ලෙස ද සෙසු ඇමැතිවරුන්ට භාරදීම සඳහා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙතට නොතිසී භාර දෙන ලෙස ද අධිකරණයෙන් පෙත්සම්කාර පාර්ශ්වයන්ට නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන් හමුවේ පෙත්සම් කැඳවන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.

මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් විද්‍යුත් වීසා සේවාව ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි පවසන පෙත්සම්කරුවෝ මෙම විද්‍යුත් වීසා ක්‍රමවේදය හේතුවෙන් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු හෙළි වීමේ අවකාශයක් ඇති බවත් එමඟින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවත් අවධාරණය කරති.

මෙම තීරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් බවත් වීසා ගාස්තු ඉතා ඉහළ යන බවක් මහ ජනතාවට රජය කෙරෙහි විශ්වාසය බිඳී යන බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියා සිටිති. මෙම තත්ත්වය තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සම්කරුවන් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා තිබේ.

එමෙන්ම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් අදාළ තීරණය ක්‍රියාත්මක වීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 32ක් නම් කර තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT