පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය තුසිත මැන්දිස් පත් කෙරුණු අතර, (14) කොළඹ 7, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී නව තනතුරේ රාජකාරි ආරම්භ කළේය.
තම ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්ය තුසිත මැන්දිස් : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ මේ රටේ තිබෙන ඉතා වටිනා ආයතනයක්. ශ්‍රී ලංකාවේ තිබෙන සංස්කෘතික උරුමය විධිමත්ව කළමනාකරණය කර ප්‍රවර්ධනය කිරීම මේ දෙපාර්තමේන්තුවේ අරමුණයි. ඒ වගේම දිගු කාලයක සිට මේ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මේ තත්ත්වය මෙහි පුරාවිද්‍යා පරීක්ෂණ කටයුතුවලට බාධාවක්. දැනට දෙපාර්තමේන්තුව තුළ 42කට වඩා තිබෙනවා විධායක මට්ටමේ බඳවාගැනීම් කිරීමට. ඒවා හිර වෙලා. මම මේක විසඳාගන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ දෙපාර්තමේන්තුව විධිමත්ව ඉදිරියට ගෙන යාම තමයි මගේ අරමුණ. අපේ උරුමය පිළිබඳ තොරතුරු ජාත්‍යන්තරයට ගෙන ගියොත් එය සංචාරක ව්‍යාපාරයට ද ප්‍රබල ශක්තියක් වනවා.