Local

Vitz එකක් ලක්‍ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදනවා..

Saturday, 02 November 2024 - 9:48 pm

විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි.

අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලද මිලට ගත හැක්කේ ‍ටැක්ටරයක රෝදයක් පමණක් බවත් ඔහු පවසයි.

ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

නමුත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද ඔහු චෝදනා කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් වසර දහයක කාලයක් ඇතුළත ලංකාවේ සෑම නිවසටම වාහනයක් ගත හැකි ආකාරයේ ආර්ථිකයක් ගොඩනගන බවත් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මැතිවරණ ජන හමුවක් අමතමිනි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT