International

මළ ගමක් වූ ගාසා තීරය – පැය 24කදී මරුණ 178ක්

Monday, 22 January 2024 - 9:56 pm

පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා සිට මේ දක්වා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ මිය ගිය පිරිස 25,000 ඉක්මවා තිබේ.

පසුගිය පැය 24 තුළ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව 178 ක් බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ප්‍රහාර වලින් මියගිය බහුතරය කාන්තාවන් සහ ළමයින් බවයි වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායලය සිය ප්‍රහාරය ආරම්භ කළේ ඔක්තෝම්බර් 7 වන දින හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,300 ක් ඝාතනය කර 240 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගනිමින්ය.

හමාස් සංවිධානය විසින් එම ප්‍රහාරය පිළිබඳ පළමු වරට නිල නිවේදනයක් ඊයේ නිකුත් කර තිබුණි.

හමාස් සංවිධානය සඳහන් කර තිබුනේ එම ප්‍රහාරය ඊශ්‍රායල විසින් පලස්තීන භූමි ප්‍රදේශ ආක්‍රමණයට එරෙහිව “අවශ්‍ය පියවරක්” සහ පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීමේ මාර්ගයක් ලෙස යි.

ඊශ්‍රායලයේ ගුවන් සහ ගොඩබිම් මෙහෙයුම් මේ වන විට දකුණු ගාසා තීරය වෙත යොමු වී තිබේ.
ඊශ්‍රයල හමුදාව පවසන්නේ ඉහළ පෙළේ හමාස් අණ දෙන නිලධාරීන් ඛාන් යුනිස් නගරයේ හෝ ඊට යටින් උමං මාර්ග වල සැඟවී සිටින බවයි.

එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තා කරන්නේ පරිදි ඊශ්‍රායල හමුදාව හමාස් සටන්කාමීන්ගෙන් සියයට 20 ත් 30ත් අතර ප්‍රමාණයක් ක් මරා දමා ඇති බවයි.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT