Local

මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙයි

Thursday, 22 May 2025 - 2:02 pm

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසා තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක‍ගේ සහභාගීත්වයෙන් 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පවසා සිටියා.

'අනුබුදු දහමින් ලොවම නිවේවා' යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වන අතර, රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01 වැනිදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින්, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොසොන් සතිය ජුනි 07 වැනිදා සිට ජූනි 13 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එම කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙන බවයි සඳහන් වන්නේ.

පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT