Local

වැටුප් ගැටළුවට නම්‍යශීලී විසඳුමක් ලබාදුන් ජනාධිපති තුමාට ස්තූතියි! - GMOA

Monday, 24 March 2025 - 2:44 pm

අයවැය තෙවැනි වර කියවීමේදී යෝජනා කළ සංශෝධනයක් ඔස්සේ තම ඉල්ලීම් සඳහා විසඳුමක් ලබාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ සෞඛ්‍ය ඇමතිවරයාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කෘතඥතාවය පළ කරනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මෙම විසඳුම රජයට අමතර බරක් නොවන අතර, තම අමතර සේවා හා නිවාඩු දිනයන් සඳහා ලැබෙන ගෙවීම්වලින් තුනෙන් එකක් රට වෙනුවෙන් කැප කිරීමට වෛද්‍යවරුන් එකඟ වී ඇති බවයි.

මුලින් අයවැය යෝජනා අනුව අමතර සේවා ගෙවීම් අඩු කර තිබූ අතර, රජයේ වෛද්‍ය නිිලධාරීන්ගේ සංගමය එයට විරෝධය දක්වීීීීමෙන් පසු, ඒ පිළිබඳ සංවාද කිහිපයකට පසුව මුලින් තිබූ පැයකට 1/80 සහ නිවාඩු දිනයකට 1/20 ගෙවීම් අනුපාත යළි පදනම් කරගෙන, එයින් තුනෙන් දෙකක් පමණක් දැනට ලබාදීමට රජය එකඟ වී තිබෙනවා.

මෙම ගැටලුවට තම යෝජනා සහ සංවාද තුළින් ඉතා ධනාත්මක සහ නම්‍යශීලී විසඳුමක් ලබාදුන් බවත්, ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගෞරවනීය ස්තූතියි ජනාධිපතිවරයාට පුද කර සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT