Local

විදුලි බිල අඩුකිරීමට යෝජනා මේ මාසය තු​ළ ලබාදෙන්න - PUCSL

Wednesday, 06 December 2023 - 8:05 pm

විදුලි බිල අඩුකිරීම හා සම්බන්ධ යෝජනා මේ මාසය ඇතුළත ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.
එසේ ලබාදෙන යෝජනා සලකා බලා ලබන ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකිරීමට නිර්දේශ ලබාදෙන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.
එසේම විදුලි බල මණ්ඩලයේ ආදායම සහ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ස්වාධීන විගණනයක් පවත්වන ලෙසද මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.
පිරිවැය පියවීම සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී ඉදිරිපත් කළ දත්ත පරස්පර විරෝධී වීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි කොමිසම සඳහන් කළේ.
ආදායම හා විදුලි උත්පාදනය පිළිබඳ පරීක්ෂණය සිදුකරන්නේ කුමන පාර්ශවයක් දැයි මේ මාස‍ය අවසන් වීමට පෙර දන්වන ලෙස විදුලි බල මණ්ඩලයට දැනුම් දුන් බවද මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT