Business

මහජන පැමිණිලි විමර්ශනය කෙරෙන රේගු අභ්‍යන්තර ඒකකය ඇරඹෙයි

Thursday, 08 August 2024 - 1:14 pm

නිර්නාමික පැමිණිවලටත් ඉඩ, ඉදිරියේ දී දේශී්‍ය ආදායම්, සුරාබදු දෙපාර්තමේන්තු තුළත් මෙම ඒකකය අරඹනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අතින් විවෘත කෙරිණි. මෙමගින් මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රේගු දෙපාර්තමේන්තුව ලබා දුන් ආදායම් ඉලක්ක අබිබවා යමින් සුවිශේෂී මෙහෙවරක් රට වෙනුවෙන් සිදු කරමින් සිටින අතර ඒ හේතුවෙන් ම විවිධ පැසසුම් සේම චෝදනා එල්ල වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එබැවින් තව දුරටත් මහජනතා සහ දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වනු ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙත ද මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්නේ ය.

පැමිණිලි යොමු කළහැකි ක්‍රමවේදයන්

දුරකතන අංක
0112 - 221 331
0112 - 221 333
0704 - 752 803

විද්‍යුත් තැපැල්
iau.slcustoms@gmail.com

Whatsapp - 070 4 752 803

 

 


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT