Local

පිරමීඩ ආයෝජන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ් කිරීමට නියෝග

Friday, 30 May 2025 - 6:43 pm

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන නීති විරෝධී පිරමිඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස්, රුපියල් කෝටි 225කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සැකකරු පිරමීඩ ආයෝජන ව්‍යාපෘතියක් මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව, 2023 වසරේ මාස පහක කාලයක් තුළ එම සමාගමේ ගිණුම් 56 ක් හරහා රුපියල් කෝටි 220 කට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවත්, මෙම මුදල් කවර පාර්ශ්වයක් වෙත ගමන් කර තිබේද යන කාරණය පිළිබඳ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයා වන එරංග දිල්ශාන් නමැත්තා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින්, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ත‍ිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT