Local

ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 33%කින් පහළට

Tuesday, 05 March 2024 - 8:24 am

සමස්ත විදුලි ගාස්තුව 22%කින් අඩු වෙයි

ඒකක 91-180 අතර පාරිභෝගිකයන්ට 24%කින් පහළට

ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ට 18%ක අඩුවීමක්

දැනට පවතින විදුලි ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති අතර ඒ අනුව ආගමික ස්ථානවල විදුලි ගාස්තුව සියයට 33කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. සමස්ත විදුලි ගාස්තුව මේ අනුව සියයට 21.9කින් අඩු කර ඇති අතර එම නව ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයන් සඳහා දැනට ඒකකයක් සඳහා අය කරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩු කෙරෙන අතර එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇත. එසේම ඒකක 61ත් 90ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත. හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල අඩුකර තිබේ. එසේම වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේ සියයට 3.34කින් හා පසුව පෙබරවාරි මස 22 වැනි දින ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත යෝජනාවකින් සියයට 14කින් ගාස්තු අඩු කිරීමට යෝජනා කර තිබුණි. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබූ වියදම් දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කළ සමාලෝචන හා මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ යෝජනාද සැලකිල්ලට ගෙන සියයට 21.9කින් සමස්ත ගාස්තු අඩුකිරීමට කොමිෂන් සභාව තීරණය කළ බව ද සභාපතිවරයා පැවසීය.

වහල මත සවිකළ සූර්ය බලාගාර ඇතුළු පුනර්ජනනීය විදුලි බලාගාර හිමියන්ට කළ යුතු ගෙවීම් සහ හිඟ පොලී මෙම මස 31ට පෙර ගෙවන ලෙසද කොන්දේසි පනවා තිබේ. 2030 වන විට ඉලක්ක ගත පුනර්ජනනීය විදුලි ජනනය ළඟාකර ගැනීම සඳහා සැලසුම් සකස් කර ජුනි මස 30ට පෙර ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට කොන්දේසි පනවා ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT