Local

සහල්, බිත්තර, පොල් කොමිස්කාරයන් ඇල්ලුවාද..

Thursday, 24 October 2024 - 6:34 pm

වෙළෙදපොළ තුළ භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් වත්මන් රජයට එය පාලනය කර ගැනීමට අපොහොසත් වී ඇති අතර බලයට ඒම සඳහා ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට නොහැකි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනය මගින් වැඩිදුරටත් අදහස් දක්වන නිමල් ලාන්සා මහාතා,

“වෙළඳපොළ තුළ සහල්, බිත්තර, පොල් ඇතුළු අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. ජාතික ජන බලවේගය මැතිවරණ වේදීකාවේ පැවසූවේ වෙළෙද මාෆියාවන් හා කොමිස් මුදල් ලබා ගැනීම් නතර කර එහි වාසිය ජනතාවට ලබා දෙන බවයි. අද වන විට වෙළෙඳ මාෆියාවන් හෝ කොමිස් මුදල් යන අය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. එය පාලනය කිරීම හරහා භාණ්ඩ මිල විශාල ලෙස අඩු කරන බවට අදහසක් සමාජය තුළ ප්‍රබල ලෙස ජනගත වුනා.

ජාතික ජන බලවේගය ලබා දුන් පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා ජනතාව ජන්දය ලබා දුන්නද වර්තමානය වන විට ජන්දය ලබා දීම ගැන ජනතාව සිටින්නේ වරදක් කළාද යන හැගීමෙන්. ජාතික ජන බලවේගය බලයට ඒම සඳහා මැතිවරණ වේදීකාවේ කෙතරම් පොරොන්දු ලබා දුන්නද අද ඒවා ඉටු කළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. ඇතැම් චෝදනා හා මඩ ගැසීම් වැරදි බව දැන දැනත් අවබෝධයකින් යුතුව සිදු කර තිබෙන බව පෙනෙන්නට තියෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුණු රට ස්ථාවර කරමින් ඒ සඳහා සාධනීය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් රජය එම ගමන් මාර්ගයේ වෙනසක් නැතිව ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ගත් ක්‍රියාමාර්ග නිවැරදි නිසා. මැතිවරණ වේදීකාව තුළ රනිල් වික්‍රමසිංහ මහතා සහ එම වැඩපිළිවෙළ විවේචනය කළත් අද එම වැඩපිළිවෙලින් තොර වෙනස් මාර්ගයක් නොමැති බව ඔවුන්ට පිළි ගැනීමට සිදුව තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචිත ඩොලර් බිලියන හය දක්වා ඉහළ නංවා තිබෙනවා. ඉදිරි මාස කිහපයක් සඳහා ඉන්ධන, ගෑස් හිගයකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දී තිබෙනවා. උද්ධමනය අවම මට්ටමකට ගෙනවිත් ස්ථාවර ආර්ථිකයක් ගොඩ නංවා අනුර කුමාර දිසානායක මහතාට භාර දී තිබෙනවා. එම ආර්ථික වැඩපිළිවෙළ තුළ ගමන් කළහොත් රට ඉදිරියට යන අතර එය වෙනස් කළහොත් යළිත් රට ආපස්සට ගමන් කරනු ඇත.

ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව සහනයක් වීම සඳහා රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුනා. වත්මන් රජය ප්‍රකාශ කළේ මාස හයෙන් හයට පඩි වැඩි කරන බවයි. නමුත් අද රාජ්‍ය සේවකයින්ට පඩි වැඩි වීම සිහිනයක් වෙලා තියෙනවා. ගැස්, විදුලිය, බදු, අඩු කරන බව ජනතාවට පොරොන්දු ලබා දුන්නද ජනතාවට කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ. ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාව දිනෙන් දින ණය කාරයින් බවට පත් කරමින් සිටින බව නිමල් ලාන්සා මහතා වැඩිදුටරත් පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT