Local

සිවිල් ආරක්‍ෂක වාහන 108ක් ‘මිසින්’

Sunday, 20 October 2024 - 10:20 pm

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව තිබූ වාහන 108ක් එම දෙපාර්තමේන්තුවේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නමින් ලියාපදිංචි වාහන 128ක් පැවැති අතර ඉන් වාහන 108ක් දෙපාර්තමේන්තුවේ පවතින බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් වී නොතිබුණි.

එමෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන සහ ගිණුම් අංශය යන අංශයන් දෙකෙහිම පැවැති වාහන 444ක් අතුරින් වාහන 82ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොතිබුණි. එසේ ලියාපදිංචි වී නැති වාහනවල වටිනාකම රුපියල් දාහතර කෝටි එක්ලක්ෂ තිස්පන්දහසකි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT