Local

පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් අනතුරට

Monday, 23 June 2025 - 2:03 pm

නුවරඑළියේ සිට නානුඔය දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ත්‍රීරෝද රථයක් අද (23) අනතුරට පත් වී තිබෙනවා. 

 
මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගය අසළදීයි. 

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදී ත්‍රීරෝද රථය ලිස්සා ගොස් මාර්ගය අභියස පිහිටි කොන්ක්‍රීට් බැම්මේ වැදී මෙම අනතුර සිදු වී ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරනවා. 
 
අනතුරි පාසල් ළමුන් තිදෙනාට හෝ රියදුරාට කිසිදු අනතුරක් සිදු වී නොමැති වූවත්, ත්‍රීරෝද රථයට දැඩි අලාභ ලෙස හානි සිදු වී තිබෙනවා. 
 
නුවරඑළිය ප්‍රදේශයේ පවතින අයහපත් කාළගුණ තත්ත්වය සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් විය යුතු බව නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT