Local

නාරම්මල උණුසුම් වෙයි – තත්ත්වය පාලනයට පොලිසිය කැඳවයි

Friday, 19 January 2024 - 7:24 pm

නාරම්මල  දම්පැළැස්ස ප්‍රදේශයේදී  පොලිස් අණ  නොතකා ධාවනය කල මෝටර් රථයකට සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකින් පසුව ඊයේ (18) රාත්‍රී නාරම්මල පොලීසිය ඉදිරිපිටට පැමිණි විශාල ජනකායක් පොලිසියට විරෝධය දක්වමින්  කළහකාරී   ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමට අවට පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් එහි  කැඳවීමට සිදුවූ බව කුරුණෑගල දිසාව භර නියොජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා පවසයි.

නාරම්මල පොලිසිය මගින් නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ දම්පැළස්ස ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ පොලිස් මාර්ග බාධකය හරහා යමට පැමිණි සැකකටයුතු මෝටර් රථයකට නවතන ලෙස පොලිසිය විසින් අණකළ ද අදාල මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලිසිය ාහනය නවතා ගැනීම සඳහා  වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකුට වෙඩි වැදී තුවාල ලබා ඇති අතර පසුව එම පුද්ගලයා මිය ගිය බව පැවසේ

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තීන්තආලේපන කාර්මිකයකු බව වාර්තා වෙයි

සිද්ධිධියෙ පසු කෝපයට පත් ප්‍රදේශවාසිහු විශාල පිරිසක් ඊයේ රත්‍රියේම නාරම්මල පොලිසියට ඉදිරි පිටට පැමිණ පොලිසියට විරුද්ධතාවය පළකොට ඇතැයි  පැවසෙන අතර සිද්ධිවන අවස්ථාවේදී  එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවද නොතකා ප්‍රදේශවසීහු  විරෝධතාවය දැක්වූ බවද වාර්තා වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT