Local

විදේශිකයන්ටත් ලංකාවේ සදහටම නවතින්න PR වීසා

Monday, 03 June 2024 - 9:13 pm

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විදෙස් පුරවැසියන් සදහා මෙරට ස්ථිර වාස වීසා බලපත්‍ර (PR) ලබාදීමට තීරණය කර තිබේ. විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ස්ථිර වාස වීසා නිකුත් කිරීමේ විධිවිධාන ඇතුළත් කර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව විදෙස් රටක පුරවැසි භාවය ලබාගත් හේතුව නිසා මෙරට පුරවැසි භාවය අහිමි වී සිටින්නන්ට ලාංකිකයකු සමග විවාහ වී සිටින විදෙස් රටක පුරවැසිභාවය හිමි කාලාත්‍රයකුට සහ විදෙස් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයකුගේ බිරිඳට සහ දරුවන්ට යන පාර්ශව තුනට මෙලෙස ශ්‍රී ලංකාවේ ස්ථිර වීසා ලබා ගත හැකි බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මේ පිළිබඳව කළ විමසුමකදී ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ කාලයක සිට ශ්‍රී ලාංකිකයන්ගෙන් ලද ඉල්ලීමක් ඉටු කරමින් නව වීසා ක්‍රමය හඳුන්වා දෙන බවය.සිංගප්පූරුව තායිලන්තය ජපානය හොංකොං තායිවානය සහ මැලේසියාව වැනි රටවල පුරවැසි භාවය ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කිරීමට නොහැකි හෙයින් එවැනි පිරිසට නව ක්‍රමය මගින් විශාල සහනයක් සිදුවන බව ද ඉලුක් පිටිය මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ ස්ථිර වාස වීසා ලබා ගන්නා තැනැත්තකුට ජීවිත කාලය පුරාම මෙරට සාමාන්‍ය පුරවැසියකු ලෙස ජීවත් විය හැකි අතර,

ඔවුන්ට ශ්‍රී ලාංකිකයකුට ලැබෙන වර ප්‍රසාද හිමිවන බව ද ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.එහෙත් එවැනි ස්ථිර වාස වීසා ලබා ගන්නා පුද්ගලයකුට ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට නොහැකි අතර, ඡන්ද අයිතිය හිමි නොවන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා කීවේය.

ඉතිහාසයේ කිසි දිනක ශ්‍රී ලංකාව විදෙස් ජාතිකයකුට හෝ විදෙස් පුරවැසියකුට මෙරට ස්ථිර වාස වීසා පත්‍ර ලබා නොදුන් අතර නව ක්‍රමය ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.මේ අතර එවැන්නකුට ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය සෞඛ්‍ය සහ වෙනත් රාජ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවන බව ද ඔහු සඳහන් කළේය.මීට අමතරව ශ්‍රී ලංකාවේ යම් නීත්‍යානුකූලක වෘත්තියක නිරත වීමටත් ව්‍යාපාරයක් වාණිජ ක්‍රියාකාරකමක් සිදු කිරීමටත් සහ ලිඛිත නීතියක් මගින් ඉඩ සලසා ඇති ශ්‍රී ලංකාවේ යම් දේපළක් උරුම වීමට හෝ පැවරීමට ද එම පුද්ගලයන්ට හැකි බව ද හර්ෂ ඉලුක්පිටිය මහතා කීවේය.
රංජන් කස්තුරි


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT