Local

ජනාධිපති ආරක්‍ෂක රියදුරෙක් කහ ඉර උඩ පුද්ගලයෙකු හප්පයි.. බරපතලව ICU…

Saturday, 26 October 2024 - 6:01 pm

මහබාගේ ප්‍රදේශයේදී පදික මාරුවකින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු හප්පා බරපතල තුවාල සිදු කරන ලදැයි චෝදනා එල්ල වූ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් රියදුරකු අනිද්දා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරමින් ඔහුගේ රියැදුරු බලපත්‍රය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.

ඉකුත් 24 වැනිදා රාත්‍රී 11ට පමණ මහබාගේ හන්දියේ පදික මාරුව මත මෙම අනතුර සිදුවී ඇත.

මහාබාගේ පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණේ සැකකාර රියදුරාගේ නොසැලකිලිමත් ලෙස රිය පදවමින් මෙම අනතුර සිදුකර ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT