Local

රාජ්‍ය වෙසක් සතිය මාතලේදී අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Wednesday, 22 May 2024 - 4:20 pm

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමාරම්භක උලෙළ මාතලේ විහාර පාර ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙන් පරිශ්‍රයේදී දී ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ මුලාසනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් (21)පස්වරුවේ ආරම්භ විය.

රාජ්‍ය උත්සවයේ සමාරම්භක අවස්ථාවේ ගිහි පිරිස පංචශිලයෙහි පිහිටුවිම මාතලේ විහාර පාර ශ්‍රි ධර්මරාජ පිරිවෙන් විහාරාධීපති/සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක/මාතලේ දිසා ශාසනාරාක්ෂක බල මණ්ඩලයේ සභාපති කොස්ගොල්ලේ සිලරතන හිමියන් විසින් සිදු කළ අතර අරමුණ පැහැදිලි කිරිම සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණඩ්ලයේ ලේඛාකාධිකාරි මාතලේ බලකඩුව අනුරුධ අරණ විහාරාධිපති මුගුණුවෙල අනුරුද්ධ හිමියන් විසින් සිදු කළහ.

මාතලේ විජයපාල විද්‍යාලයේ සහ විහාරස්ථ ශ්‍රි චන්ද්‍රජෝති දහම් පාසලේ දරුවන් විසින් ජයමංගල ගාථා ගායානා කළහ.

මෙහිදි මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ,ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි මහා නා හිමිපාණන් වහන්සේ,ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල නාහිමියන් අනුශාසනා පැවැත්වුහ.

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුල් දින කරවරයක් සහ මුද්දරයක් නිකුත් කිරිම මෙහිදි සිදු වු අතර බුද්ධශාසන අරමුදල මගින් විහාරස්ථාන,දහම් පාසල් සංවර්ධනය සදහා මුදල් පිරිනැමිමද සංකේතවත් සිදු කළ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේගේ මගපෙන්විම මත පළාත් සංස්කෘතික දෙපාර්තමෙන්තුව මගින් දිස්ත්‍රික්කයේ දහම් පාසල් සංවර්ධනය සදහා මුදල් ලබා දිමම සිදු විය.

රාජ්‍ය උත්සවයට සමගාමිව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව මගින් පුරා විද්‍යෘ ප්‍රදර්ශනයක්ද පැවැත්වුණූ අතර එය විවෘත කිරිමටද අග්‍රමාත්‍යවරයා ඇතුලු පිරිස එක්විය. වියට්නාට්මයෙන් වැඩම කළ සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ආගමික අංගයක් ඉදිරිපත් කිරිමද මෙහිදි සිදු විය. ඒ අනුව මැයි මස 21 වනදා සිට මැයි මස 27 දින දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වන දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්,මැයි 23 වන දින සීල භාවනා පින්කම ( වෙසක් පොහෝ දින වැඩසටහන) ,මැයි 24 වන දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වන දින සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වන දින අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ මැයි 27 වන දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මෙහිදි පිළීගැනිමේ කථාව සිදු කළ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදාරනපතිරණ පැවසිය.

මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ,ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ, මාතලේ දිසා ශාසනාරක්ෂක බල මණඩලයේ සභාපති කොස්ගොල්ලේ සීලරතන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ,බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,රාජ්‍ය අමාත්‍ය සාන්ත බණ්ඩාර මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි /කමිටු සභාපති නාලක බණ්ඩාර කොට්ටේගොඩ, පාර්ලිමෙන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ,රෝහිණි කවිරත්න,යදාමිණි ගුණවර්ධන , විදෙස් රටවල් කිහිපයක මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ඇතුලු විදෙස් භික්ෂුන් වහන්සේලා ඇතුලු පිරිසක් සහ අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පි රත්නායක,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,මාතලේ දිසාපති තේජානි තිලකරත්න, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT