Local

කාරක සභාවල විපක්ෂයේ නියෝජනය වැඩි කිරීමට අවධානය

Sunday, 23 February 2025 - 1:08 pm

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින ලද කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (22) පවත්වා තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම් පිළිබඳව පසුගිය 19 වන දින කථානායකතුමා විසින් සභාවට නිවේදනය කළ අතර ​මේ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානාය​කවරයා විසින් කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබූ ලිපිය මෙහිදී සභාවට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩිකිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව සාධනීය ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ඉතා කඩිනමින් ලබා දෙන බව ද සභානායකවරයා මෙම රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT