Local

බීමතින් පාසැලකට ඇතුළු වූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

Wednesday, 19 February 2025 - 11:46 am

බීමතින් පාසලකට ඇතුළු වී දැරියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීයෙකු ඊයේ (17) බීමතින් පාසලකට පැමිණ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට බලහත්කාරකම් කිරීම සම්බන්ධව මල්ලාවි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්, මල්ලාවි පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශනයේදී මෙම නිලධාරියා මල්ලාවි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු බවට අනාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුව ඔහු මල්ලාවි පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව අද (18) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT