Local

ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමේ සැළැස්මක්

Wednesday, 06 March 2024 - 4:17 pm

මෙරට තැඹිලි වගාව ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළක් සැකසීමට පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ තැඹිලි වගාවට සුදුසු ගම්මාන 86ක් තෝරා ගෙන ඇති අතර තැඹිලි ඵලදාවට හේතුවන කරුණු පරීක්ෂා කිරීමකින් පසුව මෙම ගම්මාන තෝරා ගෙන තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙදපොල තුළ නිර්මාණය වී ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. එයට හේතුව අප රටේ තැඹිළිවල රසය හා ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පැවතීමයි.

එමෙන්ම රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලිවල ඇති ගුණාත්මකභාවය ලබා ගැනීමට ඔවුන්ට හැකි වී නැත.එමනිසා අප රටේ තැඹිලිවලට ඇති ඉල්ලුම දිනපතා ඉහළ යමින් පවතී.

වගාවක් වශයෙන් තැඹිලි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් (05) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් සංවර්ධන අධිකාරිය මෙන්ම පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරිහු ද සහභාගි වූහ.

ඒ අනුව දිවයිනේ ගම්මාන 86ක් තෝරාගෙන ඇති අතර එම ගම්මානවල තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට තීරණය කරනු ලැබීය. ඒ අන්දමට ගම්මාන වශයෙන් තෝරාගත්තත් එක් ගම්මානයක වැඩි අක්කර ප්‍රමාණයක් තැඹිලි වගා කිරීමට යම් අයෙකුට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT