Local

වන සතුන්ගෙන් ගොවිතැනට වන හානිය නැති කරන්න තේරීම් කාරක සභාවක් ඕනෑ

Friday, 08 March 2024 - 8:24 am

වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම සඳහා සියලුම පක්ෂවල නියෝජිතයන් නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී (07) පැවසුවාය.

වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරිය මේ බව පැවසීය.

ඇමැතිවරිය මෙසේද පැවසීය.

මෙම ගැටලුවට ගත යුතු තීරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විදිහට එහිදී සාකච්ඡා කරනවා. ඒ සඳහා මේ ගැටලුවට අදාළ සියලු විද්වතුන් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නවා.

අපි සියලුදෙනා එක්ව මේ ගැටලුවලට විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා. රට තුළ විවිධ ආගම් මතවාද තිබෙනවා. වඳුරා කිව්වාම, මිනිසා පරිවර්තනය වුණේත් වඳුරාගෙන් බව විද්‍යාත්මක පරිණාමවාදයෙන් ඔප්පු කර තිබෙනවා. තේරීම් කාරක සභාවක් ඇති කරලා ඒ සම්බන්ධයෙන් සිටින විද්වතුන් ඇතුළු කරගෙන කෘෂිකර්ම, පරිසර, ආරක්ෂක අමාත්‍යාංශයන්වල නිලධාරීන් ඒකාබද්ධව මීට විසඳුම් ලබාදිය යුතුයි. ආගමික නායකයන්, ස්වේච්චා සංවිධාන ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් කැඳවා තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ යෝජනාව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්ව ඉදිරිපත් කළ යෝජනාවක්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT