Local

තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය රැගෙන ගිය පුරා වස්තු යළි ලබා ගැනීමට කටයුතු කරනවා – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක

Tuesday, 16 July 2024 - 2:29 pm

තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

රටට සහ සංස්කෘතියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අප රටේ බිහි විය යුතු බවත් ඒ හරහා රටට ආදරය කරන අභිමානවත් මිනිසුන් නිර්මාණය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

අද රටේ පවතින්නේ ආර්ථික ප්‍රශ්නයක් බව බහුතර ප්‍රජාවගේ අදහස වී තිබෙනවා. නමුත් ඊට අමතරව ශ්‍රී ලංකාවේ මහජනතාව යහපත් මිනිසුන් ලෙස නිර්මාණය කිරීමේ වගකීම පවතින්නේ අපගේ අමාත්‍යාංශයටයි. යහපත් සමජයක් වෙනුවෙන් කටයුතු කිරීමට නිල වශයෙන් අවස්ථාව පවතින්නේ ද අපගේ අමාත්‍යාංශයට බව පැවසිය යුතුයි.

ඒ වගේම රටට සහ සංස්කෘතියට අවශ්‍ය කරන අධ්‍යාපන ක්‍රමයක් අප රටේ බිහි වුයේ නැහැ. මෙම ගැටීම සමඟ සමාජය මේ වන විට බරපතල ඛේදවාචකයකට තල්ලු වී තබෙනවා. මේ හරහා රටට ආදරයක් නැති සහ අභිමානයක් නැති මිනිසුන් පිරිසක් බිහි වී තිබෙනවා. එම තත්ත්වය තුළ රට වහල් දේශයක් බවට පත් විය හැකියි. එම නිසා ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා අප අමාත්‍යාංශය විසින් විවිධ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම වසර ගණනාවක් පුරා පළාත් පාලන ආයතනවල සේවය කළ දහසකට වැඩි පිරිසකට අද දිනයේ පත්වීම් ප්‍රදානය කෙරුණා. මෙය වසර ගණනාවක් පුරා පැවති අවශ්‍යතාවයක් වනවා. නමුත් ඇතැමුන් පවසන්නේ මෙය මැතිවරණයක් ඉලක්ක කරගනිමින් සිදු කරන ක්‍රියාවලියක් බවයි. නමුත් ඔවුන් ස්ථිර කිරීම සඳහා කැබිනට් පත්‍රිකා දහයකට වඩා ඉදිරිපත් කෙරුණා. එනම් මාස පහකට වඩා ඒ සඳහා උත්සාහ කළා.

ඒ වගේම එක්සත් රාජධානිය විසින් අප රටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් තිබෙනවා. ඒවා අතර තාරා දෙව්දුවගේ පිළිමය ද තිබෙනවා. ඒ අනුව එම පිළිමය ඇතුළු පුරා වස්තු රැසක් මෙරටට ගෙන ඒමට අප විසින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. එමෙන්ම නෙදර්ලන්තයෙන් ද එවැනිම භාණ්ඩ රැසක් අපට ලැබුණා.

තව ද අප රටේ ඇතැමුන් නිරතම පක්ෂ විපක්ෂ ලෙස බෙදී එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ හරි දේ හරි ලෙසක් වැරදි දේ වරදි ලෙසත් දකින පිරිසක් පමණයි. ඒ අනුව රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන පිරිසක් අවශ්‍ය බව හැඟී යනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT