Local

පාර්ලිමේන්තුව හෙට සිට දින හතරක්

Monday, 19 May 2025 - 9:24 am

පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කර ඇත. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මේ තීරණය ගෙන ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (20) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත වේ.

හෙට (20) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිත අතර, අනිද්දා (21) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය විවාදයට ගැනීමට නියමිතය. 22 වැනි බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හා 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මත දහයක් විවාදයට ගැනීමට නියමිතය. 23 වැනි සිකුරාදා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පවැත්වීමට නියමිතය.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT