Local

වනඅලි පහරදීමක් යැයි පවසා ඝාතනයක් සැඟවීමට උත්සාහ කරලා

Friday, 12 July 2024 - 6:46 am

පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මහියංගනය පොලිස් වසමේ කිරලමුල්ල ප්‍රදේශයේ වනඅලියෙකු පහරදිමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසියට ජූලි 07 වැනිදා ලැබුණු පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

පසුව අනාවරණය වී ඇත්තේ, එය වනඅලි ප්‍රහාරයකින් සිදුවූ මරණයක් නොව එය මනුෂ්‍ය ඝාතනයක් බවයි.

සිද්ධිය සිදුවූ දින රාත්‍රී කාලයේදී මියගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඔහුගේ මව ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ඔහු වනඅලියෙකු පහරදී තුවාල ලබා ප්‍රදේශයේ පිහිටි දේවාලයකට ගෙනවිත් ඇති බවට වාර්තා වේ.

පසුව මරණකරුගේ මව ත්‍රීරෝද රථයකින් සිය පුතු නිවසට ගෙන්වා ගෙන ඇති අතර, එහිදී මරණකරු පවසා ඇත්තේ තමාට වනඅලියෙකු පහර නොදුන් බවයි.

ඉන්පසුව සුළු වේලාවකින් ඔහු සිහිසුන් තත්ත්වයට පත්ව තිබේ.

ඔහුව රෝහල්ගත කිරීම සඳහා 1990 ගිලන් රථ සේවයට දැනුම් දී ඇති අතර එහි නිලධාරීන් පැමිණ ඔහුව පරීක්ෂා කර එම පුද්ගලයා මිය ගොස් ඇති බව නිවැසියන්ට දැනුම් දී ඇත.

පොලිසිය පවසුවේ, පුද්ගලික ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් මරණකරුට පහරදීමක් සිදු කර පසුව ප්‍රදේශයේ දේවාලය වෙත රැගෙනවිත් ඇති බවට විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 18, 24, 28 හා 35 යන වයස්වල පසුවන මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මහියංගනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT