Local

යුක්තිය මෙහෙයුම ගැන මල්වතු-අස්ගිරි මහා නාහිමිවරු ටිරාන් ඇමතිතුමාට කිව්ව කතාව

Wednesday, 17 January 2024 - 8:56 pm

රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාතාල ක්‍රියාකාරකම් ඇතුළු අපරාධ මැඩලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මග පෙන්වීම සහ උපදෙස් අනුව ක්‍රියාත්මක” යුක්තිය මෙහෙයුම ” ආරම්භ කර මසක් සපිරීම නිමිත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහා විහාරවාසී ගෞරවණීය මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට එක් විය.

මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි, මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමි , මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරි නාහිමි , අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි , අස්ගිරි අනුනායක පූජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමි, අස්ගිරි අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි හා අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත් අමාත්‍යවරයා ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේලා වෙත සිදු කෙරෙන කටයුතු පිලිබඳ කරුණු පැහැදිලි කළේය.

එහිදී අමතරවරයා වෙත ආශිර්වාද කරමින් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි මෙලෙස අනුශාසනා කළහ.

“මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබතුමා මේ රටේ ආරක්ෂක අංශයේ විශාල පරිවර්තනයක්‌ සිදු කළා. තවදුරටත් එය සිදු කෙරෙමින් පවතිනවා. එය රටට විශාල ආශිර්වාදයක්. ඩුබායි වැනි රටවල සිට මෙහෙයවන මෙරට ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් මර්දනය කවුරුන් විසින් හෝ මූලික වී සිදු කළ යුතුයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලූම දෙනා ඒ වෙනුවෙන් කැපවී සිටියත් ඒ සඳහා ශක්තිමත් මග පෙන්වන්නෙකු සිටිය යුතුයි. මීට පෙර මෙවැනි මෙහෙයුමක් සිදු නොවූයේ එවැනි නායකත්වයක් නොතිබීම හේතුවෙන්. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එලෙසින් දිරිමත් කොට ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්.

ගුරුවරයකු,විදුහල්පතිවරයකු ලෙස ඉතාමත් විශාල මෙහෙවරක් කල ඔබතුමාගේ පියා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කළ ආකාරයටම රට තුල සිදුවන පාතාල ක්‍රියාකාරකම්,මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ මර්ධනය සඳහා ගෙනයන මේ මෙහෙයුමට සිදුකරගෙන යෑමට කවරෙකුගේ නින්දා අපහාස සිදුවුවත් එම උදාර, බරපතල කාර්යය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මහා සංඝරත්නය ඇතුළු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.”

එහිදී අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමීන් වහන්සේ විදේශ තානාපතිවරුන් සහ අපරාධකරුවන් සැඟව සිටින රටවල්වල රජයන් සමඟ සාකච්ඡා කර විදේශවල සිට අපරාධ මෙහෙයවීම මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ඉතාමත් කාලෝචිත බවත් දැනට සිදු කර ගෙන යන වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරගෙන ගොස් රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා වෙත අනුශාසනා කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වැඩපිළිවෙල ආරම්භ කර මේ වන විට මාසයක් සම්පූර්ණ වී තිබෙනවා. මේ වන විට එහි විශාල සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙනවා. වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු සියලූම නිලධාරීන් ඒ වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරනවා. මේ වන විට විවිධාකාරයේ බාධක මෙන්ම මේ වැඩපිළිවෙල හේතුවෙන් විශාල වශයෙන් මුදල් හුවමාරු වන ජාවාරම් ඇනහිටීම හේතුවෙන් සතුරන් රාශියක්ද ඇති වී තිබෙනවා. ඒ කවර බාධාවන් හමුවේ වුවත් නොනැවතී අඛණ්ඩව මෙම මෙහෙයුම් ඉදිරියට කරගෙන යෑම අපගේ අරමුණයි. විශේෂයෙන්ම ඩුබායි රාජ්‍යයත් සමඟ සාකච්ඡා කරමින් එරට සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටිනවා. එමෙන්ම එවැනි අපරාධකරුවන් ඕනෑම රටකදී අත්අඩංගුවට ගත හැකි ආකාරයට රතු නිවේදන පවා නිකුත් කර තිබෙනවා. එහි අරමුණ ජාත්‍යන්තර වශයෙන් සැඟවී සිටිමින් සිදුකරන අපරාධ මෙහෙයවීම මැඩ පැවැත්වීමයි.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT