Local

ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…

Sunday, 01 September 2024 - 12:27 pm

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි.

මේ නිසා උතුරේ සහ දකුණේ ධීවරයන්ට ධීවර කර්මාන්තය නිසි ලෙස කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පවසයි.

දිනකට ඉන්දීය ධීවර යාත්‍රා 500කට ආසන්න ප්‍රමාණයක් උතුරේ සිට කල්පිටිය මුහුදු සීමාවට පැමිණෙන බව කී ඔහු සතියකට දින තුනක් හතරක් එසේ ඉන්දීය ධීවරයන් පැමිණෙන බව ද සඳහන් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් පැමිණ නීති විරෝධී ආකාරයට ධීවර කටයුතු කරන බවත්, මෙම තත්ත්වය නවතා දැමීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කරන ලෙස 2010 වසරේ සිට මෙරට දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් කළ ද විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම නිසා මේ වන විට කල්පිටිය මුහුදු තීරය දක්වා පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකන බවත් අරුණ රොෂාන්ත මහතා පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT