Local

මිලියන 52ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Wednesday, 05 March 2025 - 6:56 pm

රුපියල් මිලියන 52ක වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (05) අලු‍යම 1.00 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔහුගේ ගමන් මලු පරික්ෂා කිරීමේ දී එහි තිබූ ආහාර පැකට්ටුවල සූක්ෂ්ම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බව හෙළිවුණා.

34 හැවිරිදි අයෙකු වන මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT