Local

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි

Tuesday, 25 June 2024 - 8:27 am

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන, එහි මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ශවකරුවන් සඳහා 2024 ජූනි මස 05 වනදා සිට 08 වනදා දක්වා රැස්වීම් මාලාවක් පවත්වනු ලැබීය.

එම කාලය තුළ, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ඇති ප්‍රධාන ගැටළු සහ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා විවිධ පාර්ශවකරුවන් සමඟ රැස්වීම් 12 ක් පවත්වන ලදී.

මෙම කණ්ඩායම මොනරාගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. පී. එස්. බී. රත්නායක මහතා සමඟ ජූනි 05 වනදා පැවති හමුවේදී, යෝජිත “ සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභා පනත් කෙටුම්පත” සහ සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

යුද්ධයෙන් පීඩාවට පත් එතිමලේ, ඔක්කම්පිටිය සහ මහගොඩයාය ගම්වාසීන් සමඟ ද ඔවුන්ගේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී රැස්වීම් කිහිපයක් පවත්වනු ලැබූ අතර, එහිදී 30 වසරක යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වර්තමානයේ මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ජූනි මස 07 වනදා , ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහා මාධ්‍ය හමුවක් පවත්වමින් අන්තර්වාර ලේකම් කාර්යාලයේ වත්මන් කටයුතු සහ අරමුණු පිළිබඳ නවතම තොරතුරු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. තවද, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන්, රජයේ නිලධාරීන්ගෙන්, පළාත් සභා ප්‍රධානීන්ගෙන්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන්, මොනරාගල දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ සංවිධාන වල නියෝජිතයන්ගෙන්, බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ හමුදා නිලධාරීන්ගෙන් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ඉහත සඳහන් කළ යෝජිත නීති සම්පාදනය වෙනුවෙන් ප්‍රතිපෝෂණයන් රැස් කිරීමක් ද සිදු කෙරිණි.

ජූනි මස 08 වන දා මෙම කණ්ඩායම විසින් හම්බේගමුව වතු ජනතාව සහ ඉස්ලාම් ආගමික ජනතාව හමු විණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රංජිත් ආරියරත්න මහතා, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී (ප්‍රතිපත්ති) ආචාර්ය සී. වයි. තංගරාජා මහතා සහ අසීෆ් ෆෝර්ඩ් මහතා, සම්බන්ධීකාරක සරත් කොතලාවල මහතා, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී (නීති) වයි.එල්. ලොකුනාරංගොඩ මහත්මිය, විධායක නිලධාරී (මහජන සම්බන්ධතා) සෞම්‍යා වික්‍රමසිංහ මහත්මිය සහ අන්තර්වාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT