Local

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාජබ පොරොන්දුව දේශපාලන ගේමක්

Friday, 19 April 2024 - 8:14 am

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කරන බව කියා ජනතාවට බොරු පොරොන්දු දී දේශපාලන උවමනාවන් ඉටු කරන්නට ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ නම් එය හෙළා දකින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පවසයි.

වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නට අවංක චේතනාවෙන් කටයුතු කරයි නම් ඒ ගැන සතුටට පත් වන බව ද හෙතෙම කීවේය.

සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට විශේෂ විමර්ශන කොමිසමක් පත් කරන බවත් ව්‍යාවස්ථා ප්‍රතිපාදන ප්‍රකාරව අණ පනත්වලට අනුව එය සිදු කරන බවත් හෙතෙම කීවේය.

මේ වන විට ජනාධිපති නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් පිරිසකගෙන් යුක්ත කණ්ඩායමක් විසින් ඊට අදාළ කටයුතු සිදු කරමින් සිටින බව කී ඒ මහතා එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් 7 දෙනකුගේ සිට 9 දෙනකු දක්වා පත් කිරීමට නියමිත බවත් එහි ජාත්‍යන්තර විනිසුරුවරුන් දෙදෙනකු, ජාත්‍යන්තර විමර්ශකයකු ජනාධිපති නීතිඥවරයකු ඇතුළු සාමාජිකයන් පත් කරන බවත් කීවේය. එහි සභාපතිවරයා ලෙස මෙරට විනිසුරුවරයකු පත් කිරීමට නියමිත බවත් කීවේය.

ජාතික ආරක්ෂාවට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පවතින නීති අනුව හැකියාවක් නැහැ. ඒ අනුව නීති වෙනස් කර කටයුතු කළ යුතුයි. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයාගේ ඍජු මැදිහත් වීම මත කටයුතු කිරීමටත් විශේෂ විමර්ශන කොමිසමේ කටයුතු මාස 6ත් – 8ත් අතර කාලයකින් අවසන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කටයුතු සඳහා විශේෂ කාර්යාලයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා යැයි ද  කීවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT