Local

ඡන්දේ ළං වෙනකොට ජනපති රනිල් කියන ඒවා වගකීම් විරහිත වෙලා - හර්ෂ ද සිල්වා

Sunday, 18 August 2024 - 12:29 pm

ජනාධිපති රනිල් වික්‍රමසිං මැතිවරණ ළං වෙනකොට වැටුප් වැඩී කිරිම් ගැන වගකීමක් සහිතව මෙචිචර කල් කරපු කතාව වගකීමක් රහිතව කරන බවක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (17) දින සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්. එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා “අපි මුල සිටම අයි.ඒම්.ඒෆ් ඒකට විරැද්ධව ඡන්දය දුන්නේ නැහැ. අපේ අනෙක් විරැද්ධ පක්ෂයේ අය ඡන්දය දුන්නට ඇයි අපි විරැද්ධව ඡන්දය දුන්නේ නැත්තේ අපිට අවබෝධ වුණා අයි.ඒම්.ඒෆ් ඒකත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න ඔින කියලා. අපි ජයග්‍රහණය කළායින් පස්සේ අපිට නිල වශයෙන් මෙම සාකච්ඡා ඉදිරියට අරගෙන යන්න පුලුවන් අපේ රජයක් යටතේ. අපි නුදුරේදීම කොහොමද බදු වෙනස්කම් කරන්නේ කියලා ජනතාව දැනුවත් කරනවා. රැපියල් 25000 කින් පඩි වැඩි කරන කතාවක් ඔබතුමා ප්‍රකාශ කර තිබෙනවා. අපි ඒ ගැන සොයලා බැලූ විට ජීවන වියදම් දීමනාව 17500 සිට 25000 දක්වා යෝජනාවක් තියෙනවා කියලා ඔබ තුමාම කියනවා කිසිම විදිහකින්පඩි කරන්න බෑ. ඒහෙම උනොත් රට බංකොලොත් වෙනවා කියලා. පඩි වැඩි කිරීම බදු අඩුකිරීම වැනි ප්‍රකාශ ඡන්දය ලංවෙලා ඔබ තුමා ප්‍රකාශ කරනවා. වගකීමක් සහිතව මෙචිචර කල් කරපු කතාව වගකීමක් රහිතව කරන බවක් තමයි අපිට දැන් පෙනෙන්නේග ජනතාව දැන ගන්න ලැබිච්ච ඒක අතිශයින්ම හොදයි. මොකද අපි ඒදා ඉදන්ම කිව්වා මේකේ ඉස්පිලි පාපිලි වෙනස් කරන්න පුලුවන් කියපු සජබ ජනතාව ඉදිරියේ ඔප්පු කර තිබෙනවා. ඒ්කට ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි ඉතාම ගැඹුරින් මේ බදු ප්‍රතිපත්තිය විශ්ලේෂණය කළා. රජයට ලැබිය යුතු ආදායම ප්‍රමාණය ඒ් ආකාරයට තියා ගන්නේ කොහෛාමද ඒ් අනුව අපිට තිබෙනවා වැඩපිළිවෙලක් තව නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා' යැයි මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT