Local

ඇමතිලාට කොළඹින් ගෙවල් දෙන්නෑ.. ඇමැති වරප්‍රසාද විශාල ප්‍රමාණයක් කපනවා..- ජනපති

Saturday, 02 November 2024 - 9:43 pm

නොවැම්බර් 14න් පසු හදන ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට කොළඹින් නිවාස නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන රැලියකට සහභාගි වෙමිනි.

“නොවැම්බර් මාසෙ 14න් පසු විසිපහට අඩු කැබිනට් මණ්ඩලයක් හදනවා. ඇමැතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද විශාල ප්‍රමාණයකින් කප්පාදු කරනවා. ඇමැතිවරයා මහජන සේවකයකු බවට පරිවර්තනය කරනවා.

ඒ ඒ විෂයන් පිළිබඳවඅත්දැකීම් තිබෙන, අවබෝධය තිබෙන කණ්ඩායමකින් කැබිනට් මණ්ඩලය සමන්විතයි. ඊට පස්සෙ පාර්ලිමේන්තුවට පත්වන අනෙකුත් මන්ත්‍රීවරුන්ට ඒ අමාත්‍යාංශ සඳහා ඔවුන්ගේ දායකත්වය ස්වේච්ඡාවෙන් ලබා දෙන්න පුළුවන් යන්ත්‍රණයක් අප හදනවා. හැම මන්ත්‍රීවරයාම මේ රට ගොඩනැඟීමේ කාර්යභාරය සඳහා පුරුකක් බවට පත්කරන කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් තමයි මෙම 14න් පසුව ගොඩනැඟෙන්නෙ.

ප්‍රාදේශීය වශයෙන් ගැටලු ගණනාවක් තිබෙනවා. ගමේ ප්‍රශ්නෙ බලන්නෙ කවුද?, මෙම ප්‍රදේශයේ තිබෙන ගංවතුර තර්ජන පිළිබඳ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් දන්නවා. ඔවුන් සතුව විසඳුම් තිබෙනවා. එදිනෙදා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා දිස්ත්‍රික්කයක ජනතාවට සමීප ජනතා නායකයන් ගොඩනැඟෙන්න ඕනෙ.

ඡන්දෙ අරන් කොළඹ ඉන්න නායකයො නොවෙයි අවශ්‍ය. ඒ නිසා කිසි ඇමැතිවරයකුට කොළඹින් නිවාස දෙන්නෙ නැහැ. ආණ්ඩුවෙන් නිවාස දෙන්නෙ නැහැ. ඔවුන් ගමට එන්න ඕනෙ. ගමේ ප්‍රශ්න ටික බලන්න ඕනෙ. ජනතාව එකතු කර ගන්න ඕනෙ. ජනතාව සමඟ රට සංවර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනෙ.

අන්න ඒකට සරිලන ආණ්ඩුවක් තමයි අපි හදන්නෙ. ලංකාවේ මෙහෙම ආණ්ඩු හැදිලා නැහැ. සෑම දෙනාම ලංකාවේ සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කරගන්න ඕනෙ. ඒ වෙනුවෙන් මෙම 14 දින අපට ශක්තිමත් බලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයිද කීවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT