Local

යාත්‍රාවලට ඉන්ධන සැපයීම යළි ඇරඹීමෙන් ඩොලර් මිලියන 03ක ආදයමක් උපයා ගත්තා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක

Saturday, 10 February 2024 - 9:09 am

යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 03ක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය.

බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක වටිනා අතිරික්තයක් පවත්වාගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මෙසේ ද පැවසීය,

පැවති අසීරු ආර්ථික අර්බුදය හමුවේ ක්‍රමානුකූලව රට නැඟිටිමින් සිටින අවස්ථාවක අප මේ වන විට පසුවනවා. අප සියලු දෙනාම තෙල් පෝලිම්වල සිටි අවධියක් තිබුණා. සියලු දෙනාගේ කැපවීමෙන් අද වන විට ස්ථාවර තෙල් සැපයුමක් පවත්වාගෙන යාමට හැකිව තිබෙනවා. මෑත ඉතිහාසයේ පැවති විශාලම තෙල් සංචිත ප්‍රමාණයක් අප මේ වන විට රඳවා තබාගෙන සිටිනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩොලර්වලින් ඉතිරියක් පවත්වාගෙන යාමට ද අපට හැකි වී තිබෙනවා.

බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක් වටිනා අතිරික්තයක් පවත්වාගෙන යන අතර සතියකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය එම සතිය තුළම ලබා ගැනීමටත් කටයුතු කරමින් සිටිනවා. අද වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 130,791ක්, පෙට්‍රල් 92 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 83,275ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 8313ක්, පෙට්‍රල් 95 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 11,196ක්, ගුවන් යානා සඳහා භාවිත කරන JET A1 මෙට්‍රික් ටොන් 17,274ක් සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් (FO) මෙට්‍රික් ටොන් 75,410ක් වශයෙන් පවත්වාගෙන යනවා.

ඒ වගේම ටෙන්ඩර් පටිපාටියට අනුව ඉදිරි මාස 06කට අවශ්‍ය තෙල් ලබාගැනීම සඳහා දීර්ඝ කාලීන ගිවිසුම්වලට එළඹී තිබෙනවා. එමඟින් අපට බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.

දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මස මැද භාගය වන තෙක් ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වය වී තිබෙනවා. ඊට හේතුව වන්නේ යුරෝපයට සීත සෘතුව පැවතීමත් සමඟ තෙල් භාවිතය අධික වීමයි. එම කාලය තුළ ඉල්ලුම වැඩිවීමත් සමඟ මිලෙහි ඉහළ යාම සෑම වර්ෂයේම සිදු වන්නක් බව කිව යුතුයි. ඒ අනුව සීත සෘතුවේ අවසානයත් සමඟ මාර්තු මාසයෙන් පසුව තෙල් මිලෙහි අඩුවීමක් අපට බලාපොරොත්තු වන්න පුළුවන්. එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරනවා.

ඒ වගේම 2022 වර්ෂයට පෙර සෑම වසරේම ප්‍රමාද ගාස්තු ගෙවීම සිදු කළා. නමුත් 2023 වසරේ අප නව ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළා. නැව් වරායට පැමිණි මොහොතේම ගබඩා කිරීමට කටයුතු කළා. අනතුරුව අප සතුව පවතින ඩොලර් ගෙවීමෙන් පසු තෙල් මිලදී ගැනීම සිදුකළා. එම ක්‍රමය හරහා වසර 15 කට පසු එක් රුපියලක් වත් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමක් අප සිදු කලේ නැහැ.

එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාව මේ දක්වා ඉන්ධන මිල දී ගැනීම සිදු කළේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ටෙන්ඩර් කැඳවීමෙනුයි. නමුත් අප විසින් ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවීම සඳහා වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. එහි කටයුතු මේ වන විට 95% ක් පමණ අවසන් කිරීමට ද අපට හැකියාව ලැබී තිබෙනවා. තෙල් ගබඩා පර්යන්තය මඟින් ඊට අවශ්‍ය තාක්ෂණික ඥානය අපට ලබාදීම සිදු කරනවා.

ලෝකයේ පවතින නව තාක්ෂණික ක්‍රමවේදයන් ලංකාවට හඳුන්වාදීමත් සමඟ තවදුරටත් ඉන්ධන මිල අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

ඒ වගේම වසර 02කට පසුව 2024 වසරේ දී යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු අප (bunkering system) ආරම්භ කළා. එමඟින් මෙට්‍රික් ටොන් 5,200ක් ඉන්ධන නෞකා සඳහා අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 03ක් උපයා ගැනීමට හැකිවුණා. එමෙන්ම යාත්‍රාවලට ඩීසල් පිරවීමේ කටයුතු ද ඉතාමත් කෙටි කාලයකින් අරම්භ කිරීමට අපේක්ෂා කරනවා.


Top Stories
wedivistara

සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝ​ෂ පිළිබඳව සොයා බලනවා - විභාග දෙපාර්තමේන්තුව

wedivistara

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් අපේ ණය බර ඩොලර් බිලියන 17කින් අඩු කරගත හැකියි - අලි සබ්රි

wedivistara

ශ්‍රී ලංකා පිරිමි T20 ලෝක කුසලාන කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය අමුල් කිරි සමාගමට

wedivistara

2024 ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන්

wedivistara

ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් රිට් ආඥාවක්

wedivistara

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT