Local

ජනපති ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ගැන රටේ ජනතාවගේ විශ්වාසය ගොඩනැගිලා

Sunday, 07 January 2024 - 9:47 pm

ජනාධිපතිතුමා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ගැන රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (07) ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් කොළඹ දී හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. රටේ විශාල පිලිගැනීමක් තියෙනවා එතුමා වැටුනු රට යම් ක්‍රමයකට ගොඩගත්තා කියන එක පිළිබඳව. මේ ක්‍රමය දිගටම පැවතුනොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියන එක ජනතාව විශ්වාස කරනවා. කයිවාරුකායින්, බොරු කාරයින් ඇවිල්ලා එක එක ඒවා කියලා රට ආයෙත් ආපස්සට යන්න පුලුවන්. ඒ නිසා ජනාධිපතිතුමාට ඉල්ලන්න කියලා රටේ මතයක් ගොඩනැගිලා තියෙනවා.

අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක්වනවා. අපේ වැඩපිළිවෙලේ අපි වෙන කිසිම අපේක්ෂකයෙක් ගැන බලාපොරොත්තුවක් නැහැ. මේ ආර්ථික වැඩිපිළිවෙල ගෙනියන ජනාධිපතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එකයි අපේ බලාපොරොත්තුව.

අද වෙනකොට විදේශ සංචිත බිලියන 4.5 ට වැඩිවෙලා. ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රේෂණ එවන එක සියයට 53 කින් වැඩිවෙලා. අද සංචාරකයෝ විශාල වශයෙන් එනවා. ආර්ථිකය යම් හොද මට්ටමකට ඇවිල්ලා තියෙනවා.

වැට් හා බදු වැඩිකිරීම තුළ ජනතාවට විශාල අපහසුතාවයක් තියෙනවා. ඒක ජනතාවට දාරාගන්න බැහැ. මොකද ජනවාරි පළවෙනිදා බදු වැඩි කරන්නේ නැහැනේ කිසිම නායකයෙක්. එතුමට ජන්දය ලැබුනා හෝ නොලැබුනා රටේ ඉදිරි දරුවන්ට මේ රටේ ආර්ථිකය හදන්න එතුමට ඕනේකම තියෙනවා. දේශපාලන පොරොන්දු, සුරංගනා කතා කියලා රටේ ආර්ථිකය හදන්න බැහැ.

ජනතාවට ඇත්ත කියලා, මේ දේවල් පැහැදිලි කරන්න ඕනේ. හැබැයි එහෙම නැතිව එන ඕන කෙනෙක් මාස තුනයි. ඔය අයට වැට් එක් අඩු කරන්නත් බැහැ. බදු අඩුකරන්නත් බැහැ. පෞද්ගලීකරණය කරන්නත් බැහැ. එතකොට ආණ්ඩුවක් ඒ අයට ගෙනියන්න බැහැ. පෞද්ගලීකරණය කළොත් තමා පාඩු ලබන ආයතන වලින් අරගෙන ජනතාවට දෙන්න පුලුවන්. පාඩු ලබන ඒවා අඩුකරගත්තොත් තමා ණය ගෙවන්න පුලුවන් වෙන්නේ. රටේ ජනතාවගෙන් සියයට තිහක් තිස්පහක් තේරුම් අරන් තියෙනවා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ හැර වෙන ක්‍රමයක් නැහැ කියලා. තව ටික කාලයක් මේක ඉවසගෙන හිටියොත් තව මාස දෙක තුනකින් ජනතාවට සහන සලසන්න පුලුවන් වෙයි.

 

 
 
 
 


Top Stories
wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

wedivistara

කොට්ටාවේ වෙඩි තැබීමක්

wedivistara

හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්‍රතිඵල - නාමල්

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT