Local

ලංකා-මහජන බැංකුවලින් රාජ්‍ය වියදම්වලට ණය ගැනීම අත්හිටුවයි

Monday, 24 June 2024 - 7:49 am

රජයේ වියදම් පියවා ගැනීමට ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙන් ණය ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා තිබේ. රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මේ තත්ත්වය ළඟා කරගත් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

කෙතරම් අභියෝගාත්මක වුවත් වසර 2023 දී මේ තත්ත්වය මහා භාණ්ඩාගාරය විසින් ළඟා කර ඇතැයි ද සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. එය ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමකැයි ඇමැතිවරයා කිය.

මීට දශක ගණනාවකට පෙර සිට මහා භාණ්ඩාගාරයේ ලංකා බැංකුව සහ මහජන බැංකුවේ අයිරාව ඉතාම සෘණ අගයක් ගත් යුගයක ශ්‍රී ලංකාව පසුවිය. මෙම තත්ත්වයන්ට හේතු වූයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම ඇතුළු රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් තරම් ආදායමක් රජයට නොලැබීම නිසා අදාළ බැංකු දෙකෙන් ණය මුදල් ලබාගෙන එම ගෙවීම් සිදුකිරීම හේතුවෙනි. වසර 2021 දී රුපියල් බිලියන නමසිය (900) ඉක්මවූ මහා භාණ්ඩාගාර බැංකු අයිරාව මේ වන විට මුළුමනින්ම ගෙවා දැමීමට මහා භාණ්ඩාගාරයට හැකියාව ලැබී තිබෙන බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුව විසින් තම වියදම් පියවා ගැනීමට රාජ්‍ය බැංකු දෙකෙන් ණය ලබා ගැනීම නතර කිරීමත් සමඟ, රාජ්‍ය බැංකු දෙකට විශාල මුදල් තොගයක් ඉතිරිවන බව ද ඔහු සඳහන් කළේය. එලෙස බැංකු සතු වන අරමුදල් විශාල වීමත් සමඟ තම වටිනා ගනුදෙනුකරුවන්ට පවත්නා ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට, නව ව්‍යාපාර කර්මාන්ත, සේවා ආරම්භ කිරීමට අරමුදල් සැපයීමට බැංකු දෙකට අවස්ථාව උදාවේ.

ආණ්ඩුවට අරමුදල් සැපයීම සිදුකර බැංකු දෙක පවත්වාගෙන යෑමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරවීමට ද බැංකු දෙකට මේ සමඟ සිදුවේ. බැංකු දෙකට ආණ්ඩුවට ණය දීමෙන් මින් ඉදිරියට ඊසි මනි සෙවීම කළ නොහැකිය. මේ සමඟ බැංකු කාර්යක්ෂම විය යුතුය. වඩාත් තරගකාරීව ගනුදෙනුකරුවන් දිනාගත යුතුය. මෙය නව ව්‍යාපාර කර්මාන්ත ඇරඹීමට ව්‍යවසායකයින්ට ලැබෙන ඉමහත් වැඩදායි හා පුළුල් අවස්ථාවක් නිර්මාණය කිරීමක් ද වේ. මෙලෙස රාජ්‍ය බැංකු දෙකට ලැබුණු අරමුදල් වැඩිවීමේ වාසිය උපරිමයෙන් ගනුදෙනුකරුවන්ට ලබාදීම තම අරමුණ බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා සඳහන් කළේ, කලක් සෘණ අගයක් ගත් තම බැංකුවේ අයිරාව මේ වනවිට ධන අගයක් ගෙන ඇති බවයි. මෙලෙස ධන අගයක් ගැනීම සතුටට කරණක් බව ද ඔහු කීය. ඉදිරියේ දී එම අරමුදල් යොදාගෙන වැඩි වැඩියෙන් තම වටිනා ගනුදෙනුකරුවන්ට සේවා සැපයීමට ක්‍රියා කරන බව ද මහා කළමනාකාරවරයා සඳහන් කළේය.

රජයේ ආදායම් වැඩිකර ගැනීමට පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ආණ්ඩුව සිදු කළේය. එලෙස සිදු කළ ඇතැම් ප්‍රතිසංස්කරණ නිසා ඇතැම් විට ආණ්ඩුවට විවේචනවලට හා දෝෂාරෝපණයන්ට ලක්වීමට සිදුවූ බව රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා පැවසීය.

නමුත් ඒවාට බියේ ආණ්ඩුව සිදු කළ කිසිදු ප්‍රතිසංස්කරණයක් අතරමඟ නතර කළේ නැති බව ද ඔහු සඳහන් කළේය.

ඒ නිසාම මේ වන විට රටේ ආර්ථිකය යම් ප්‍රගතියක් කරා ගමන් කරන දිශානතියක් පෙන්නුම් කරන බැවින් දිගු කලක් තිස්සේ රටේ පැවති මූල්‍ය විනයෙහි නරක ස්වභාවය මේ වන විට යම් තරමකට පහව ගොස් ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරමින් එය ඉදිරියට තවදුරටත් විනයගරුක කළ යුතුව ඇතැයි අවධාරණය කළේය.

ජයසිරි මුණසිංහ


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT