Local

ලාදුරු රෝගීන් ගැන භයානක හෙළිදරව්වක්

Friday, 26 January 2024 - 8:00 pm

ලංකාවේ කුඩාම පළාත වුවද ජනගහණයෙන් 30%ක්ම වාසය කරන බස්නාහිර පළාතේ ජනගහණ ඝනත්වය වැඩිවීම සහ දේශගුණික හේතූන් මත අනෙක් වසංගත රෝග මෙන්ම ලාදුරු රෝගීන් විශාල සංඛ්‍යාවක් ව්‍යාප්ත වී ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසයි.

ඒ අනුව ලංකාවේ ලාදුරු රෝගීන් 1,550ක් වාර්තා වන විට එයින් 599ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත්, එනම් ලාදුරු රෝගී තත්ත්වයෙන් 40%ක්ම බස්නාහිර පළාතේ ඇති බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

කොළඹ දිස්ත්‍රික්කයේ 315ක්ද, ගම්පහෙන් රෝගීන් 168ක් සහ කලුතරින් 116ක් වශයෙන් ලාදුරු රෝගීන් වාර්තා වී තිබේ.

එමෙන්ම ලංකාවෙන්ම වාර්තා වන ළමා ලාදුරු රෝගීන් 173න් 69 දෙනෙකුම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් ඇය සඳහන් පැවසුවාය

කෙසේවෙතත් නිසි කලදී, එනම් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය වැළැක්වීමටත් ඇතිවන සංකූලතා අවම කරගැනීමටත් හැකිවන බවද ඇය සදහන් කළාය.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය මේ බව පැවසුවේ ජනවාරි 28ට යෙදෙන ලෝක ලාදුරු දිනයට සමගාමීව ලාදුරු තුරන් කිරීමට නව මංපෙත් නමින් පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

නිසි කලදී එනම් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය වැළැක්වීමටත් ඇතිවන සංකූලතා අවම කරගැනීමටත් හැකිවන බවද ඇය පැවසුවාය.

මේ වන විට බස්නාහිර පළාතේ ලාදුරු වැළැක්වීමට ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධීක්ෂණය යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බවද, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන කණ්ඩායම් පුහුණු කරන අතරම ගෙයින් ගෙට ගොස් ලාදුරු රෝගය හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද සඳහන් කළාය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT