Local

පොලිස් දෙපාර්තමේන්තු හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවල මේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා හිංසනයන් වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න - රට වෙනුවෙන් පුරවැසියෝ ජනපතිගෙන් ඉල්ලයි.

Tuesday, 08 April 2025 - 9:51 pm

2024.04.04
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා.
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

විවිධ හේතූන් මත පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගන්න සැකකරුවන් පොලිස් අත්අඩංගුවේදී මියයාම පිළිබඳව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාර තුළදී ඝාතනයන්ට හා විවිධ හිංසකයන්ට ලක්වන පුද්ගලයින් පිළිබඳව විඳීමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීම...

එහි ආසන්නතම සිදුවීම ලෙස වැලිකඩ පොලිස් ස්ථානය තුල වද හිංසාවට ලක්වි මියගිය බව කියන බදුල්ලේ මීගහකිවුල පදිංචි එම්. සත්සර නිමේශ් තරුණයාට සාධාරණය ඉටු විය යුතුය.

2025.04.01 වන දින වැලිකඩ පොලිස් ස්ථානය තුළ වදහිංසාවට ලක්වී මියගිය මුතුවාඩිගේ සත්සර නිමේෂ් යන තරුණයාගේ මරණය සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් කරයි ද?

2025. 04. 01 වන දින බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නමැති තරුණයා වැලිකඩ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේදී ඔහුට වදහිංසා කර ඇති බව දැනගන්නට ඇත.පසුව ඔහු මිය ගොස් ඇත. එම තරුණයාගේ මව වන ලේකම්වසම ලියනගේ සමන්ති යන අය විසින් පසු දින (2025.04.02) වැලිකඩ පොලිස් ස්ථානයට ගොස් සොයා බැලීමේදී එම තරුණයා ඇඳ සිටි ඇඳුම් ඉවත් කර ඇති බවත්, ඔහුගේ කලිසම කුණු කුඩයේ තිබී සොයාගෙන ඇති බවත් ප්‍රකාශ කර සිටියි. එසේම මේ සම්බන්ධයෙන් පොලිසියෙන් විමසීමේදී එම තරුණයා සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බව ඇය පවසයි ඇත.


මීට පෙර රාජ් කුමාරි නැමැති කාන්තාවක්ද පොලීසිය තුලදී අත් අඩංගුවට පත්ව සිටින අවස්තාවේදීම ඇයට පහර දී මරණයට පත් කිරීමට අදාලව ප්‍රති පුරුෂ වගකීම පැහැර හැරීමට දඬුවම් ලැබිය යුතු වන අතර, නමුත් ඔහු තවමත් වැලිකඩ ස්ථානාධිපති ලෙස කටයුතු කරයි.
එවිට මේවාට වග කිව යුත්තෝ කවුද?

වග උත්තර කරුවෙකුට එරෙහිව පැමිණිල්ලක් ඇති විට එම පැමිණිල්ලේ යොමු අංකය පවා වග උත්තරකරු වෙත ලබා දීම විවෘතව ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි.

වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට පහර දී මෙවැනි ආකාරයට ඝාතනය කරන්නේ කාගේ බල පුළුවන්කාර කමකටදැයි සොයා බැලිය යුතුය...❓

සෑම පුරවැසියෙකුටම ජීවත්වීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇත.කුමන හෝ පුද්ගලයෙක් වැරදිකරුවෙක් හෝ වේවා අධිකරණයක් මගින් දඬුවමකට ලක් ලක්වූවෙකු හෝ වේවා ඔහුට කිසි විටෙක මරණීය දණ්ඩනය ලබාදීමේ හිමිකමක් පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කිසිවකුට නැත.අධිකරණයක් මගින් මරණීය දණ්ඩනය නියම වූයකුටද මරණීය දණ්ඩනය ලබාදෙනන තුරු සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන පුද්ගලයකුටද ජීවත්වීමේ අයිතියක් ඇත.
එබැවින් රටපුරා සිදුවන මෙවැනි සිදුවීම් මගින් රටේ නීතිය හා ආධිපත්‍යය පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදුවීම සිදුවේ.එමෙන්ම මේ පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ඒ හා සම්බන්ධ කටයුතු කරන සංවිධාන විසින් ලංකාව විවිධ හේතුන් මත මානව හිමිකම් කඩවන රටක් ලෙස වර්ගීකරණය කරනු ඇත.එහි අයුතු බලපෑම රට වැසියන්ටම එල්ලවේ.

එබැවින් අතිගරු ජනාධිපතිතුමනි මේ රට තුළ නීති හා විධානය සැමට සාධාරණව ඉටුකිරීමට අවශ්‍ය පාරිසරික තත්ත්වය ගොඩනගන ලෙසත් පොලිස් දෙපාර්තමේන්තු හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවල මේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා හිංසනයන් වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ප්‍රසන්න අධිකාරි
සභාපති
රට වෙනුවෙන් පුරවැසියෝ සංවිධානය
0714819207
04.04.25


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT