ගාල්ල සිට මාතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කුඹල්ගම දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති අතර, මාතර සිට ගාල්ල දෙසට ධාවනය වන රුහුණු කුමාරි සහ ගාලු කුමාරි දුම්රියන් ඇතුළු දුම්රිය කිහිපයක් ප්රමාද වී ධාවනය වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.