Business

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබයි

Saturday, 03 August 2024 - 8:48 am

Global Tourism Awards 2024 සම්මාන උළෙලෙහි “ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඊයේ(2) පිදුම් ලැබීය.

ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් මඟින් පවත්වන මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණු අතර ඒ සඳහා සංචාරක,ඉඩම්,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී විය. එහිදී අමාත්‍ය තුමන් වෙත සම්මානය ප්‍රදානය කිරීම සිදුවිය.

සංචාරක කර්මාන්තයට එහි භූ දර්ශනය හැඩගස්වා ධනාත්මක වෙනසක් ඇති කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ආයතනවලට ගෞරව කිරීමට සහ සැමරීමට වේදිකාවක් ලෙස මෙම ප්‍රමුඛතම සම්මාන උළෙල පැවැත්වෙන අතර ඒ අනුව එහි විශිෂ්ටතම සම්මානය ශ්‍රී ලංකාවට හිමිවිය.

මෑත වකවානුව තුළ වාර්තාගත සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන සංචාරක ගමනාන්තයක් බවට ද ශ්‍රී ලංකාව පත්විය.කාන්තාවන්ට සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර ප්‍රමුඛස්ථානයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර 2024 සඳහා CEOWORLD සඟරාවේ කීර්තිමත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව,ජීවිත කාලය තුළ සංචාරය කිරීමට හොඳම 5 වැනි රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.

ලෝක ප්‍රකට Forbes සඟරාව 2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

පසුගිය සමයේ ඇති වූ පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යම් බිඳවැටීමකට ලක්වූ අතර ඒ සෑම අභියෝගයක්ම ජයගනිමින් අද වන විට මෙරට සංචාරක කර්මාන්තය සුවිශාල ප්‍රගතියක් ලබා තිබේ. එවන් තත්ත්වයක් තුළ ඉන්දියාවෙන් නව දිල්ලි නුවරදී ලැබුණු මේ සම්මානය ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයකි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT