Local

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

Wednesday, 16 April 2025 - 8:39 pm

මේ වන විට ඇතිවෙ‍මින් පවතින පරිවර්තනය ජනතාවට දැනෙන්නට පටන්ගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජනතාවට ආර්ථිකයේ යම් සහනයක් මේ වන විට ලබාදී ඇති බවත්, රාජ්‍ය අංශයට හා පෞද්ගලික අංශයට හොඳ වැටුප් වැඩිවීමක්ද ලැබුණු බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අල්ලස් කොමිසම මේ වන විට යළි සක්‍රීය වී ඇති බවද, පසුගිය කාලයේ යට ගිය ලිපි‍ගොනුවල පරීක්ෂණ යළි ආරම්භ වී ඇති බවද, එසේම අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද යළි විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවා.

එසේම, නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අදාළ ආයතනවලින් සිදුකරන බවත්, රජය මඟින් සිදු කරන්නේ එම ආයතනවලට පහසුකම් සැලසීම පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

පිල්ලෙයාන්ගේ නීතීඥයා බවට පත්ව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල බවත්, ගම්මන්පිල නඩු කතා කරන ආකාරය රටේ ජනතාව දැක නොමැති බවත්, මේවා නිකම්ම නිකම් ඝාතන‍ නොව දේශපාලන කුමන්ත්‍රණ බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT