Local

ජනපතිවරණයේ ජාතික අපේක්ෂකයා රනිල්

Wednesday, 10 January 2024 - 1:49 pm

එජාප කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ (09) ඒකමතිකව තීරණය කළේය.

මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කළමනාකරණ කමිටුව ඊයේ පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට එහිදී කමිටු සාමාජිකයන් එක හඬින් ප්‍රකාශ කළ බව පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා දිනමිණට පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරයාට සහයෝගය දැක්විය හැකි බවත් වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරණය මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට ද තීරණය විය.

ඊයේ පැවති කළමනාකාර කමිටු රැස්වීම සඳහා කමිටු සාමාජිකයන් වන, අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, රවි කරුණානායක, ලසන්ත ගුණවර්ධන, ශමල් සෙනරත් මහත්වරුන් සහභාගි වී ඇති අතර සාගල රත්නායක මහතා විදේශගත වී ඇති හෙයින් රැස්වීමට සහභාගි නොවීය. ජනාධිපතිවරණයෙන් පසු ලබන 2025 වසරේ ජනවාරි මස පාර්ලිමේන්තු මැතිවරණයත් මාර්තු මස පළාත් පාලන මැතිවරණයත් පැවැත්වීමේ හැකියාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඡන්ද ලකුණ දැනටමත් වෙන් කර ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT