Local

වැඩිම සංචාරකයින් පිරිසක් මේ වසරේ සිංහරාජය නරඹයි

Saturday, 03 August 2024 - 11:52 am

ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීම සඳහා වැඩිම දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් මේ වසරේ පැමිණ ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් 35,000කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, එමගින් විශාල ආදායමක්ද හිමිව තිබෙනවා. මේ පිළිබද කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා පරිසර පද්ධතිය ආරක්ෂා කරගනිමින් පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා බවයි  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ. මේ අතර ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකරන ලද හෙක්ටයාර ලක්ෂ 2 කට වැඩි වනාන්තර හැකි ඉක්මණින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස රජයේ ගිණුම් කාරක සභාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT