Local

ඊජිප්තු-ශ්‍රී ලංකා ද්විපා­ර්ශ්වික වෙළෙඳ ආයෝ­ජන අවස්ථා පුළුල් කිරී­මට ඊජිප්තු තානා­පති අතර හමු­වක්

Saturday, 13 January 2024 - 5:19 am

ඊජිප්තුව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, ඊජිප්තු තානාපති මැගෙඩ් මොස්ලෙහ් මහත්වරුන් අතර හමුවක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේදී පසුගියදා (10) පැවැත්විණි.

ඊජිප්තුව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව දෙරටේ පාර්ශ්වයන්ගෙන් සිදු විය යුතු කරුණු පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරිණි.

මේ වන විටත් සැලකිය යුතු ශ්‍රී ලංකික ව්‍යවසායකයන් පිරිසක් ඊජිප්තුවේ ආයෝජනය කර ඇති අතර, එය තවදුරටත් වර්ධනය කර ගැනීමට අවධානය යොමු විය.

වෙළඳාම, ආයෝජන සහ අනෙකුත් ක්ෂේත්‍රවල දියුණුව සඳහා ද ඇති අවස්ථා පුළුල් කර ගැනීමට මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, දෙරටේ ආර්ථික වර්ධනයෙන් දෙපාර්ශ්වයටම සමාන ප්‍රතිලාභ හිමිවන ලෙස කටයුතු කිරීමට ද එකඟතාව පළ කෙරිණි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT