Local

බදු ගෙවීම පැහැර හරින අයට කිසි බුරුලක් දෙන්නේ නෑ

Wednesday, 03 April 2024 - 7:56 am

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් යුතු ක්‍රම සහ විධි කාරක සභාවෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව කියා ඇත්තේ වසර 30ක් තිස්සේ ගොඩ ගැහුණු හිඟ බදු සම්බන්ධයෙන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ දී (02)

ප්‍රකාශ කළේය. එම හිඟ බදු මුදල්වලිනුත් සියයට 90ක්ම සම්බන්ධයෙන් නඩු පවතින බව ද ඇමැතිවරයා පැවැසීය. එහි දී ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ක්‍රම සහ විධි කාරක සභාවේ ඊයේ ඉදිරිපත් කළ කරුණු ඉතාම වැදගත්. ඒ ගැන ගැඹුරින් පරිශීලනය කරලා මම බලාපොරොත්තු වෙනවා මීළඟ පාර්ලිමේන්තු සතියේ දී ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයන්න.

ඒ අතරේ මගේ දැනුම අනුව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි මේ කතා කරන්නේ වසර 30ක් තිස්සේ ගොඩගැහුණු හිඟ බදු මුදල් ගැනයි. මෙයින් සියයට 35ක ප්‍රමාණයක් අපි හඳුනාගෙන තිබෙනවා. මෙයින් සියයට 90ක් තිබෙන්නේ නඩු මාර්ගයේ. මේ රටේ බදු ගෙවන්නකුට විවිධ ආකාරයේ නඩු ඉදිරිපත් කරන්න පුළුවන්.

ඒවා වසර ගණන් ඇදගෙන යාමේ හැකියාව තිබෙනවා. දැන් රේගුවේ තිබෙන හිඟ මුදල ගත්තොත් ඉන් සියයට 90ක්ම තිබෙන්නේ රාජ්‍ය ආයතනවලින් රේගුවට ගෙවන්න තිබෙන බදුයි. සුරාබදු ගත්තොත් එයින් සියයට 60ක් තිබෙන්නේ දඩ.

මම කියන්න ඕනේ බදු ගෙවන ජනතාවට අපි බදු ගෙවීම පැහැර හරින අයට කිසිම බුරුලක් දෙන්නේ නෑ. සෑම අඟහරුවාදාවකම අපි පැය කිහිපයක් සාකච්ඡා කරනවා මේවා ගැන. මොකද මේවායේ වාර්තා සහ ප්‍රායෝගිකත්වය ගැන ලොකු ගැටලු තිබෙනවා.

ඒ නිසා ඒවා ගැන පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව ඒ නඩු ඉක්මන් කරන්න අධිකරණ ඇමැතිතුමා සමගත් සාකච්ඡා කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT