Local

හරි ආර්ථික දර්ශනයක් නැති අය විවාදයට බය වෙලා

Friday, 31 May 2024 - 6:59 am

ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බිය වී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුලු පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස ජාතික ජන බලවේගයෙන් අවසාන වතාවට තමා ඉල්ලා සිටින බව ද හෙතෙම කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට සක්වළ සුහුරු පන්ති කාමරයක් ලබාදීම නිමිත්තෙන් ඊයේ (30) පැවැති උත්සවයකදීය.

බංකොලොත් රටේ අප යා යුතු ගමන් මාර්ගය, දර්ශනය, වැඩපිළිවෙළ ගැන විවාදයක් හා ප්‍රශස්ත සාකච්ඡාවක් තිබිය යුතු බවත් එමඟින් අදහස් හා යෝජනා හුවමාරු කරගත හැකි බවත් සෑම දෙනකු ළඟම හොඳ අදහස් ඇති නිසා එම අදහස් හා යෝජනා වාද විවාදයට ලක් කර සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කර මහජන විවාදයක් ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බවත් ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නැති අය එවැනි විවාදවලින් පැන යන බවත් එසේ ආර්ථික කණ්ඩායමක් වැඩපිළිවෙළක් නැති අයට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට උපකාරී කළ හැකි නිසා ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස අවසාන වතාවට කියනා බවත් විපක්ෂ නායකවරයා පැවැසීය. ආර්ථික විවාදය මෙරට අත්‍යවශ්‍යම විවාදයක් බවත් මේ රටේ ජනතාව තවදුරටත් ඇන්දුවා සහ තවදුරටත් රැවටුණා ඇති නිසා අධ්‍යාපනය, සෞඛ්‍ය ගොඩනඟනා ආකාරය සම්බන්ධයෙන් හරිහැටි පැහැදිලි කිරීමට ආර්ථික කමිටු විවාදය අත්‍යවශ්‍ය බවත් එම නිසා මාධ්‍ය සංදර්ශන නොදා එකවර දින දෙක යොදා ගන්නා ලෙසත් වාද විවාද හරහා ප්‍රශස්ත ප්‍රබුද්ධ විසඳුම් ගැන ජනතාව දැනුවත් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT