හිටපු වෙළෙඳ අමාත්‍යවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්.එස්. සපුවිද ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට නඩු පවරා තිබෙනවා.