Local

පෑවි­ල්ලෙන් එන ඕනෑම ආප­දා­ව­කට මුහුණ දෙන්න සූදා­නම්

Saturday, 16 March 2024 - 8:10 am

වියළි කාල­ගු­ණික තත්ත්වය මත ඇති විය හැකි ඕනෑම අාපදා තත්ත්ව­ය­කට මුහුණ දීමට ආපදා කළ­මනා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සූදා­නම් බව ආර­ක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න­කොන් පැව­සීය.

පව­තින වියළි කාල­ගුණ තත්ත්වය පිළි­බඳ දැනු­වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. කාල­ගු­ණ­විද්‍යා දෙපා­ර්තු­මේ­න්තුවේ පුරෝ­ක­ථ­න­ව­ලට අනුව මාර්තු මස අග භාග­යේදී හා අප්‍රේල් මාසයේ වර්ෂාව ලැබෙන බව දැනුම් දී තිබුණ ද, එම වර්ෂා­ප­ත­න­යන් හි යම් කිසි අඩු­වක් සිදු­වු­ව­හොත් ආපදා කළ­ම­ණා­ක­රණ මධ්‍ය­ස්ථා­නය විසින් ඒ සඳහා පූර්ව සැල­සුම් යොදා ඇති බව කීවේය.

දිසා­පති කාර්යාල, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සහ ආපදා කළ­ම­ණා­ක­රන මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රීන්, ත්‍රිවිධ හමු­දා­වේද සහය ඇතිව ජන­තාව වෙත ඇති විය හැකි සෑම අප­හ­සු­තා­ව­ය­ක­ටම, ආප­දා­ව­ක­ටම විකල්ප පහ­සු­කම් සැප­යී­මට නිර­තු­රු­වම සුදා­න­මින් සිටින බවද රාජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

කාල­ගුණ විද්‍යා දෙපා­ර්තු­මේන්තු විසින් ලබාදී ඇති තොර­තුරු අනුව උෂ්ණ­ත්වය වැඩි පළාත් වශ­යෙන් උතුරු මැද, වයඹ, බස්නා­හිර, සබ­ර­ග­මුව හා දකුණු පළාත් හඳු­නා­ගෙන ඇති බවත්, පව­තින වියළි කාල­ගු­ණික තත්ත්වය මත පාසල් දරු­වන්ගේ සෞඛ්‍යය ආර­ක්ෂාව පිළි­බ­ඳව සැල­කි­ලි­මත් වන ලෙසත් අධ්‍යා­පන බල­ධා­රීන් දැනු­වත් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

දැඩි හිරු රශ්මි­යක් පව­තින උෂ්ණා­ධික පළා­ත්වල පානිය ජලය අඩු ප්‍රදේශ හඳු­නා­ගැ­නී­ම­ටත්, එම ප්‍රදේශ සඳහා ජල සැප­යුම විධි­මත් ආකා­ර­යෙන් ලබා­දී­ම­ටත් ආපදා සහන සේවා මධ්‍ය­ස්ථාන සුදා­නම්ව සිටින බවත්, ඒ සඳහා පෙර සුදා­න­මක් හා වැඩ­පි­ළි­වෙ­ළක් තිබෙන බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

ජල මුලාශ්‍ර වල ලව­ණ­තා­වය පිළි­බ­ඳව සැල­කි­ලි­මත් වී ලව­ණ­තාව බහුල ප්‍රදේශ වෙත ප්‍රමු­ඛ­තාව මත ජල­ස­ම්පා­දන මණ්ඩ­ලය සමග සාකච්ඡා කර, ඒ හරහා පානිය ජලය ලබා­දී­මට ක්‍රියා­ක­රන බව ඒ මහතා අව­ධා­ර­ණය කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT