Local

පැරදෙන අය කැරලි ගහන්න යනවාලු.. රනිල් දිනලා ඒ ගැන බලාගනී..

Monday, 16 September 2024 - 9:24 pm

ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ඒ සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබන බවත් මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

මැතිවරණ ජයග්‍රහණය හමුවේ කුමන්ත්‍රණ කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ගාල්ල, නෙළුවේදී අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද කීවේය.

21 වැනිදාට මේ ර්ටේ මිනිස්සු දුක් විදපු යුගයට යන්න බැරි නිසා, නැවත දුක් විදින්න අවශ්‍ය නැති නිසා නැවත වතාවක් රට අදුරට, අරගලකාරී තත්වයකට අරගෙන යන්න අවශ්‍ය නැති නිස, අවුරුදු දෙකහමාරකට කලින් ජනතාව විදපු දුක මතක තියෙන නිසා 21 වැනිදාට බුද්ධිමත් තීන්දුව ගන්න බලාගෙන ඉන්නවා.

අවුරුදු දෙකහමාරකට කලින් මේ රටේ ජනතාව, දරුවෝ දුක් විදිද්දී, විදුලිය, තෙල්, ගෑස් නැතිව පෝලිම්වල මැරෙද්දී මේ දේවල් ටික දෙන්න කියලා ඉල්ලුවා. මිනිස්සු ඉල්ලපු අවම පහසුකම් වත් ලබාදෙන්න කිසිම නායකයෙක් ඉදිරිපත් වුනේ නෑ. එහෙම ඉදිරිපත් නොවුනේ ඔවුන්ට ඒ දේවල් කරන්න පුලුවන්කමක් නොතිබුණ නිසා.

හැබැයි ඒ වෙලාවේ මිනිස්සුන්ගේ දුක තේරුනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අවදානම ගනිද්දී බය නැතිව තීන්දු ගත්තා. ඒ වෙලාවේ අපි ගත්තේ දේශපාලනික වශයෙන් භයානක තීන්දුවක් ගත්තේ. දේශපාලන සයිනයිට් කරල එල්ලගත්තා කියලා තමයි අපිට කිව්වේ. ඒත් අපි මිනිස්සු වෙනුවෙන් අපි ඒ දේ කළා. අවුරුදු දෙකහමාරක් ඇතුළත මිනිස්සුන්ට තෙල්, ගෑස් ගෙනත් දීලා රට සාමාන්‍යකරණයට ලක් කරන්න අපිට පුලුවන්කම ලැබුණා. අපේ ජනතාවට ඒක මතකයි. කෙලෙහිගුණය තියෙනවා.

එදා ගෑස් තෙල් නැතිව, බෙහෙත් නැතිව මිනිස්සු මැරෙද්දී දුක් විදපු මිනිස්සු දිහා ජනාධිපතිතුමා බැලුවා. එහෙම දුක් විදපු මිනිස්සු දිහා බලපු එක වරදක් නම්, තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික දීපු එක වරදක් නම් අපිට විරුද්ධව ඡන්දය දෙන්න පුලුවන්. එහෙම නැතිව මේ රට සාමාන්‍ය තත්වයකට පත් කරන්න කටයුතු කරපු එකට කෙලෙහිගුණ සලකන ජනතාව බය නැතිව ඡන්දය ප්‍රකාශ කරනවා. මේ රටේ බහුතරයක් කෙලෙහිගුණ දන්න ජනතාවක්. අර සියයට තුනක් විතර කෙලෙහිගුණ නොදන්න අය ඉන්නවා. මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙලපු, රටේ සංවර්ධනය ඒ අයගේ විනාශයක් විදියට දැකපු හැමදාම මේ රට විනාශ කළ කණ්ඩායමක් ඉන්නවා. ඒ සුරංගනා කතාවලට රැවටිලා රැල්ලට යන පිරිසකුත් ඉන්නවා. ඒ අය ගිය පාරත් ඔය විදියට රැල්ලට ගියා. ඒ අයම මේ පාරත් රැල්ලට යනවා පේනවා. ගියපාර රැල්ලට ගිහින් රටට වුන දේ මිනිස්සු දැක්කා. ඒ ිහා බලාගෙන මිනිස්සු ගන්න ඕන තීන්දුව අරගන්නවා.

ජනතාව දිනන මැතිවරණයට රජයට කුමන්ත්‍රණ කිරීමට අවශ්‍ය නෑ. අපි ආරක්ෂක අංශ සීරුවෙන් තියලා තියෙනවා. රටේ බොරු රැලි නිර්මාණය කරලා තියෙන අය ඡන්ද ලක්ෂ විස්සක් විසිපහක් ගන්න හදනකොට සමහර වෙලාවට රට ඇතුලේ කැරලි ඇතිකරන්න පුලුවන් කියලා සමාජ මාධ්‍ය වාර්තාවල තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහය කිරීමත් එක්ක රටේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ආරක්ෂක ඇමැතිවරයා, සේනාධිනායකයා විදියට අරගන්නවා.

කොහේ සිදුවුනත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙනවා නම් වැරදියි. මාලිමාවට ඡන්දේ දෙන්නේ නෑ කියලා කිව්වම හෙල්මට් පාරවල් ගහලා තිබුණා. මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

ගීතා කුමාරසිංහ හිත හොද කාන්තාවක්. එතුමිය හිටපු ජනාධිපතිතුමාට ගොඩක් ආදරෙයි කියලානේ කියන්නේ. ඒත් ජනාධිපතිතුමා වෙනුවෙන් සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින් එකතු කරන්න එතුමිය කටයුතු කරමින් සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT