Local

දරුවන්ට වස දෙන්න හැදූ හිටපු සෙබළා බිරියගේ පිහි පහරින් මරුට

Monday, 08 January 2024 - 1:48 pm

මහියංගණ, කපුරුගස්මුල්ල ප්‍රදේශයේ නිවසක, ඇතිවු පවුල් ආරවුලක් දුරදිගයෑමෙන් පෙරේදා (06) දින රාත්‍රි බිරිඳගේ පිහි ප්‍රහාරයකින් විශ්‍රාමික හමුදා නිලධාරියකු මියගොස් ඇත.

පිහි ප්‍රහාරය සිදු කළ කාන්තාව 06 දින රාත්‍රියේදී මහියංගණ පොලිසියට භාරවී ඇත. මියගොස් ඇත්තේ සොරබොර, කපුරුගස්මුල්ල, අංක 33/1 යන ලිපිනයේ පදිංචිව සිටි වයි. එම්. එස්. කේ. ජයවර්ධන නැමැති වයස 42ක විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. ඔහු වයස අවුරුදු 13 හා 04 යන වයසේ දරුවන් සිටිනා තැනැත්තෙකි. අත් අඩංගුවට ගත් මරණ කරුගේ සැකකාරිය බිරිඳ වයස අවුරුදු 39කි.

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය 06 දින දහවල් සිදු සිදු කරනු ලැබීය.

සැමියාගේ නිරන්තර පහරකෑම්වලට හා වඳහිංසා හේතුවෙන් පසුගිය කාලය මුළුල්ලේ මෙම කාන්තාව ලක්ව ඇති අරත, ඒ සෑම අවස්ථාවකම මරණීය තර්ජන සිදු කරමින් දරුවන්ට හා බිරියට වස පොවන බවට මරුණ කරු තර්ජනය කර ඇත. එක්වරක් බිරිඳ එල්ලා මරණ බවට තර්ජනය කරමින් නිවසේ බාල්කයක කැට ගැසා තිබු ලණුවක්ද පවුලේ ඥාතින් දැක ඉවත් කර ඇත. දරුවන්ට හා බිරියට පෙවීම සඳහා වස බෝතලයක්ද ඔහු විසින් සූදානම් කර තිබු නිවැසියන් පවසති. මීට සති කිහිපයකට ඉහතදී බිරියට සිදු කළ පහර දීමක් හේතුවෙන් මෙම මරණකරු පොලිස් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂත බන්ධනාගාර ගත කර සිට ඇප මත පැමිණ ඇත. ඇප මත නිදහස්ව පැමිණ නිවසේ බොහෝ බඩු භාණ්ඩ හා දරුවන්ගේ පාසල් පොත්පත් ගිනිතබා විනාශ කර ඇත. බිරියගේ මවගේ නිවසේ රැඳී සිටි දරුවන් හා බිරිය මීට දින කිහිපයකට ප්‍රථමව නැවත ආරවුල් ඇතිකර නොවන බවට පොරොන්දු ලබාදෙමින් නැවත නිවස රැගෙන විත්, 06 දින රාත්‍රි 10.00ට පමණ බීමතින් බිරිඳ සමඟ රංඩු වී ඇති අතර, එම අවස්ථාවේ ද වස පොවනු ඇති බවට සැකයක් ඇති වී ඇති අතර රංඩුව දුරදිග ගොස් ඇය සැමියාගෙන් බේරීම හා ආත්මාරක්ෂාව පතා සැමියාගේ කකුලට පිහි ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනා සමඟ පලා ගොස් නැවතත් සැමියාගෙන් සිදුවන කරදර ගැන මහියංගණ පෙලිසියේ පැමිණිල්ලක් සිදු කර ඇත.

සිද්ධිය වන විට නිවාස ආසන්නයේ පිරිත් ගෙයක් පැවතීම හේතුවෙන් සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවස ආසන්නයේ නිවෙස්වල කිසිවකු සිට නොමැත. පිහි ප්‍රහාරයට ලක් වු පුද්ගලය රෝහල් ගත කිරිමට කිසිවකු නොමැතිවීම හේතුවෙන් රුධිර වහනය අධික ලෙස සිදුවී එම පුද්ගලයා නිවස තුළම මිය යන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරන අතර, රාත්‍රියේදිම පිහි ප්‍රහාරයට ලක්වු පුද්ගලයා රෝහල් ගතකරන විටත් මියගොස් සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන කටයුතු මහියංගණ පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

මාපාකඩවැව සමුහ රංජිත් කරුණාවීර බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT